| 𝗞𝗘𝗩𝗜𝗡 𝗡𝗢𝗧𝗘𝗦 ᥫ᭡ | 🌸
10.6K subscribers
3.15K photos
86 videos
227 files
380 links
🇼 🇪 🇱 🇨 🇴 🇲 🇪
Channel - https://t.me/kevinNotes99
topics - https://t.me/kevinNotes_topics
Discussion - https://t.me/kevinNoteschat
Download Telegram
වියලි සුලඟෙහි පාව ආ
සෙනෙහෙ බිඳු ඉව කර
දුර යන වරක් පාසාම
දුව ගියෙමි මිරිගුව පසෙක
අහසට බරව උන්
වැහිබර කඳුලු වැටෙනා තුරුම
බලා සිටියෙම් සිරකර
ගිනියම් වූ කතරක සුසුම් පොද
බලා ඉඳ බැරිම තැන...
තුරුලු කර සිඹ සැනසුන විටෙක පතොක් මල් කටුත් එක්කම
හුරු වුනා මමත් කර්කශ ම ඉඩෝරෙට
ඉතින්........
වසන්තය නුබ දැන් ඇවිත්....
*ආච්චිට හාල් ගරනවද


Comment zzzz...
අතීත කතාව හෙට 🎃

#kleo
#k_note
🤣96❤‍🔥1👍1
අහම්බෙන් ......., ලස්සන දවසක විනාඩි කීපයකට පින් සිද්ද වෙන්න ......
වචනයෙන් කියා ගන්න බැරි තරම්ම ලස්සන....නපුරු ඇස් දෙකක් මට මුණ ගැහුනා ....
මන්... ඒ දිදිහා ඇස් පිය නොහෙළා කෙලින්ම බලන් හිටියෙ ....
ඒ ඇස් වලට ඉහළින් තිබ්බ..
ඝනට වැවුනු ඇහි බැම ඒ මූනට ගෙනාවෙ....අමුතුම look එකක්...
හිනාවක සේයාවක්වත් නොතිබ්බ මූනෙ අහංකාරයෙන් බුම්ම්න් හිටියට...ඒ ඇස් නම් ලස්සනට හිනා වෙනව, කතා කරනව මට ඇහුනා දෙයියනේ ....
කොච්චර ලස්සන ද කිව්වොත් ඇස් අගින් වැටෙන්න ගිය කදුල පවා අමරුවෙන් උනත් අල්ල්න් ඉන්න්ව මම් දැක්කා නොදැක්ක වගේ හිටියට.....
කෝපි කිරි 3ට1 ට mix කරල වගේ ඒ ඇස් වල තිබ්බා පාට...
ම්න් පාට වල කිමිදෙමින් හෙව්වා...

හිත හිරිවැටුනානේ
නුබ දැක්කම මා
බැදුනාවෙ රහසින්...
ඔය හුරතල් හිනාවට
ඉගි පා කලත්
මන් මෙතුවක් නුබට
නුහුරු පාට කල හිත
නොදැනි ඉන්නට
සදේ දුක නොහිතුනද
නොලී කවියට පද මදි වෙනකොට...


*හැබැයි ඔලුව පසු කර ගිය අත්ල පාරක් එක්ක අක්කා කෑගැහුවෙ...."කන්නාඩියටම ලව් කරපන් බස් එක යනකම්ම "*

#kleo
😁19👍3
.
අම්මා මට කීවා මාව දැක්කම මාව එකම වෙලාවෙ දෙවිදිහකට දැක්කලු
එකක් මාව දෙවියන්වහන්සේ සුරලොකෙන් එව්ව සුරදූතයෙක් විදිහට..
අනික පාතාලෙන් පැනල ආපු සාතන් විදිහට..
මම් අම්මට කීවා අම්මා වැරදියි.. මම සාතන් ප්‍රතිරූපෙ විතරයි මන් ඇවිත් ඉන්නෙ ලෝකෙ ඉන්න නපුරු මිනිස්සුන්ගෙන් අනික් අය බේරන්න කියල
අම්මා ඊට පස්සෙ මට කීවා ගිරවෙක් කියල හිතාන් හිටියට මෙච්චර කල් හදල තියෙන්නෙ තටු දිගැරපු නැති උකුස්සෙක් කියල...
මන් අම්මට කිව්වා
නෑ... මම තටු දිග ඇරියට පෙනුනෙ නෑ මොකද ඒ වෙලාවට මාව ඔයාලට පේන්නෑ කියල... මන් ඉන්නෙ හුගක් උඩ නිසා කියල
ඉතින් මට මන් ගැනම ලැජ්ජයි ...
මන් දැක්කමයි ඔයා තරම් ඍනාත්මකව හිතන කෙනෙක් මෙච්චර දේවල් දරාගෙන ඉදලත් ඔයාම කරලත් ඒවා කරුමෙ කියල ඇහැට පේන්නැති කෙනෙකුට පටවල ඔයාගෙ කැපවීම මහන්සිය සේප් එකේ පාවල දීපු කුලී බූරුවෙක්...
ඔයා ඔයාට ඕනෙ දේවල් කරා වැරදි උනා ඒක හරි..

පොතක පිටුවක් වැරදුනාම් ඒ පිටුව කඩල පොත ආයෙත් ලියනව..
පොතම විසික් කරන්නෙ නෑ

උබ උබ ටම වටිනාකමක් දෙන්නැත්තන් උබට කවුරුවත් වටිනාකමක් දෙන්නෑ
.... ඔයාඔයාවම විශ්වාස කරන එක අතෑරල තියෙන්නෙ
කාටවත් අපිට උදව් කරන්න බෑ...

අපි තනි තනියමයි නැගිටින්න ඕනෙ...
බාදා එනව එහෙම් නැත්තන් ජීවිතේ කියන්නෙ මොකද්ද කියල තේරෙන්නෑ...

අපි මැරෙනකම්ම දේවල් ඉගෙන ගන්නව....
කරුමෙ කියන්නෙ නිකන් සැනසීමට හදා ගත්ත නොපෙනෙන බම්බුවක් විතරයි...

අපි ගන්න තීරන වල පස්සෙ ඒවට් ඈදිච්ච ප්‍රති පල තියෙන්නෙ ... ඒක කරුමෙ නෙවේ...
හිතල බලල තීරන ගන්නෙ නැති එකට හම්බවුන දඩුවම
අපි ගෙවන්නෙ කරුම නෙවේ ....
අපිම කරපු ගොන් වැඩ් වල reaction .....
තේරුම් ගනින් දැන්වත්..
කරුමෙට,අපලෙට බෝධි පූජා වලට කරන්න පුලුවන් අටමගලක් නෑ...
පෑන තියෙන්නෙ උබ අතේ...
උබේ කතාව ලියන්නෙ උබ...
උබ කැමති විදිහට ඒක ලියන්න තව කල් තියනව...
නොදන්න කරුමෙකට යට වෙලා...
මහා වංසෙ වගේ බොරු වැල් වටාරම් ලියන්නැතුව..
නිසදැස ක් වගෙ ලස්සන short and sweet කතාවක් ලියන්න පරක්කු නෑ...

හුරතල් වෙන්නයි නැලවෙන්නයි කල් නෑ....


මොලයක් තියනවනෙ.....
තමන්ටම කියල දෙයල් අයිති කරගන්න වැඩ කරපන්....

නොදන්න කරුමයක් පස්සෙ යන්නෙ නැතුව.....

උබව හදා ගන්න ඕනෙ මට...
උබ මගේ එකා...

මන් කියන දේ අහනව නම්....
දැන්වත් අහපන් මන් කියන දේ

#kleo

අතීත කතාව මතු සම්බන්ධ ය.
28❤‍🔥3👍3👀1
ණයට ඉල්ලගන්න උනා ද මන්දා මටත් කතාවක්.......
උපන්නදා ඉදල මැරෙන්න මොහොතේ වෙනකම්ම .....
කරන්න ඕනෙ ඔක්කොම ලියල...
මන් නිකන් නලුවෙක් වෙලා ඒකට රඟ පානව...
නලුවාට බෑ පිටපත වෙනස් කරන්න කියල හැමතිස්සෙම මතක් වෙන්නෙ... වෙන්න ඕනෙ දෙවල් වෙනස් කරන්න ගිහිල්ලා රිද්දගත්තමයි...
ආදරේ කරපු හැම දේම....
ඉක්මනට මගෙන් ඈතට යද්දිම
මන් ආදරේ කරේ ඇස්වල උන්නු කඳුලු වලට...
කතාවෙ ඉදිරිය මොනව තියෙයිද කියල නොදැන ගලපන දෙබස් කියාගන්න තැනක් නැති වෙද්දිත්.....
අසරණයි මන් හුගාක්...
කියන්න බැරි උනාට ගලපාපු පදවැල් ගීතත් එක්කම මගේ රසවත් ගායකයට නින්ද ගිහින් ඇහැරෙන්නෙ නෑ....
හිනා වෙන්නෙ හැමතිස්සෙම මේ කතාව ණයට ගත්තෙ කියල අමතක උනු වෙලාවටයි
කතාව මොන තරම් අප්‍රසන්න උනත් ආසම...
මේකෙ තියෙන තනිකමයි...
කෝපි කෝප්පේ රසේටයි....
ඉතින් ස්තූතියි නාදුනන කතාවක් ලිව්ව ණය කාර ඔයාට

#kleo...
🔥195👍2
අරා උන් සෙනග මැඳ
නොදැක්කද තනිකම
බරැති කටහඬ නිසා
වහන්විය ගී කියූ සත් වරය
සිනාවෙන් වසාගත්තයි
කඳුලු පිරි දෙකොපුල
දූවිල්ලෙන් උපන් සාතන් වූ
නොපෙනුනා සුරදූතයෙක් වග
රලු පහටු වදන් අතරේ
අතරමන් විය වදන් ඇහිලූ කවිකාරිය
පතුරුවන කෝපය
අගුලු ලෑව නලියන හුරතලය
සත්තයි විහිලුවට කිව් හැමදේම
යතාර්ථයක් වූ වගට
සිතුවාට අත් අතකුරු රලු වග...
ගැලපුනි වදන් හොර රහසේම
වදනින් ඔවදන් සපයන මාව...
වදයක් ලෙසින් දැනෙන්නට හැරියා මදිවාට

මෝඩයකු ලෙසට හ‍ංවඩු ගසන්නට ඉඩ හරිමි.....
නොපෙනෙන මානයක සරනා උකුසු වෙස අත් නාරිමියි....
*නියම කරගත් ගොදුර ඩැහැගන්වන තෙක්ම*




#kleo🌒🦹🏼‍♀️
14👍2
ෆැන්ටසියක ජීවත් වෙන එකත් එක්තරා ආතල් එකක්...
   ආදරේ කියන්නෙ ඒකෙ එක සිදුවීමක්...
  අපිට විඳින්න ඕනෙ දේවල් අපි එයා ලව්ව විදවන්න බලනව
   හරිගියොත් සතුටුයි
....   වැරදුනොත් වේදනයි
පරාර්ථකාමියෙකුට ෆැන්ටසියෙදී ලැබීමක් නෑ
   දන්දීම පමනයි
ඒත් ආත්මාර්තකාමියෙකුට වෙන්නෙ අල්ලගත්ත  දේ බලන් ඉන්න ....
   මන් ඒ දෙකම අතරෙ ඉන්න අලු මනුස්පයෙක්...
   එයාට මන් ලියන්නෙ

තෝත් නැටුව වැඩී හැබැයි

කියාගෙන යන්නකො නැටුව වැඩී කියල හිතුනු වෙලාවක් 😝


#Kleo
🥰14👍81
වතුර ඇබින්දකට...
වැටුනු විටකදී පොටෑසියම් චුට්ටක්...
දෙන්නා සේ ප්‍රචන්ඩව හැසිරීම් ..
කාලෙකට ඉහතින්
හැප්පෙනව බැල්මන් දෙන්නගේ ඒලෙසින්...

යත්ම කාලෙකින් ඉගිල
මැන්ගනීස් අතරින් H2S බුබුලනය කල විටෙක මෙන්
රෝස පැහැවී මසිත පෙම් හැගුම් ඉපිලුනා නුබෙ දෑස් දකිනකොට ...
නොපෙනුනාට මාත් දන්නව යකඩ වන් ඔය හිතත්
ෆෙරික් හයිඩ්‍රොක්සයිඩ් මෙන් රතුව...
ගැහෙනවා මා නමින් ගතිකරය හදෙහි දුටු විට

සිල් ගත් විටෙක මෙන් සින්ක් සල්ෆයිඩ් පාට...
බඳු වත දරා මා ඉදිරියේ
කල පෙම් ආරාධනා
අදටත් සැනෙකින් මතුව එයි
හේලයිඩයකට ක්ලෝරීන් දැමු විට පෙනෙන ගෝලිකා...
නමුදු පරණ කවියක් ඇහින්දෙමි
සරසවි බිම තුලින් බංකුවක ඉදගෙන...
පතිත වෙද්දී කදුලු අහසින් ..
සිහිවුනා මට අපව වෙන්කල
Z-Core භීතිකා....

කියන්නකො ඔයාලත් 😔 😳😳 මොකද උනේ කියල කියනව දැම් වැඩ කරන්නෙ මොනාද කියල කියාම් ගියොත්
by admin kleo

#kleo
👏167👍3
දොබ වගේ වැහි බිඳු වැටෙ
කඩාගෙන
දුන් ගිනි ගෙඩි වලට බයයි වදීවිදෝ
හෙන
මේ හීතලේ එලියට නොයමිය
සිතාගෙන
සමකෝනි ත්‍රිකෝනයකි වැස්සත් මමත් ඇඳත්
තිදෙන

පෝන් එකයි චාජරයයි ඇඳ ලගය
ප්ලග් පොයින්ට් එකත් මගෙ ඇද පල්ලෙමය
ඔලුවත් වැහෙන්නට රෙද්දක් පොරවගෙනය
අසමි සින්දුවක් හොටු පෙර පෙර ම

සුලං නිසා සෙලවෙනවා වාගෙ ගෙය
වහිනෝ නිසා බෑ තව නම් ඇහැරල ඉන්ට
කෝමත්.හො.ම.ත යු තු විබාගෙ කට උඩය
මන් දොයියනව ඔබ සැමටම ගුනබුසය

#Kleo
17😁3😢1
මේක එවෙලේ නොකීවෙ එතකොට මම නිකන් බකපන්ඩිත යෙක් වගේ ඔයාට පේන්න පටන් ගන්න නිසා....
කෙනෙක් පරිහානිය ට පත්වීමේ ශීඝ්‍රතාවය් වැඩි වෙන්න බලපාන ප්‍රදාන හේතුව තමයි .....
*තමන් ගැන තමන්ට විශ්වාසය නැති වීම*

ඒ වචන ටික මන් ඇත්තටම ඔයාගෙන් අහන්න කැමති නෑ මොකද මම විශ්වාස කරනව ඔයා ඔය ඔයාව හන්ගගෙන ගොනා වගේ ඉන්නෙ කියල....
තේරුනාද...
ඉතින් ඒ නිසා කවදාවත් ඔයා ඔයා ගැන අවිශ්වාසය සැකය හිත ඇතුලෙ පැල කරන්න නම් එපා දෙයියන්ගෙ නාමෙට කෙලවෙන්නෙ හිමින් නෙවෙයි
දෙවෙනි කාරනාව තමයි කවුරු නැතත් ඔයා ව විශ්වාස කරන අයගෙ විශ්වාස ය පලුදු කරන්න එපා එයාලගෙ ඒ විශ්වාස යට වටිනාකම් දෙන්න ඒ විදිහට හැඩ ගැහෙන්න...ඒක ඔයාගෙ ජීවිතේ වෙනස් කරාවි 🤍


ඔයාලගෙ

#KLEO
124👍2💯2❤‍🔥1