දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️
4.22K subscribers
1.08K photos
134 videos
1 file
918 links
🌻.නිසදැස්
🌻.Artical(ලිපි)
🌻.Story
🌻.කවිනිර්මාණ
🌻.Motivation


පන්හිඳ තුලින් කියවිය හැක...

මෙහි පළවෙන දෑ කතෘ අයිතියකින් තොර කිසිම තැනක ශෙයාර් නොකිරීමට වග බලාගන්න.

YourRequests/අදහස් -: @NaughtyOffbot

✍️Author - @NaughtyOffbot 🌻

#Chathu #CGAT
Download Telegram
අතීතයම රසවත් කරමින්
කතාලෝකයක් මනසට එක් කරපු
අපේ ආදරණීය ගුරුපියාණනි
තව පුංචි කාලයකි රැදෙන්න හැක්කේ
ඔබතුමාණන් සමග මේ සරසවි බිමේ
ඔබ අපට දුන් අගනා මෙහෙය
කියා නිම කර නොහැකි
වටිනා උපකාරයකි යහමග යාමට
ඉතින් නවතිමි මගේ මේ වදන් පෙල
හිස නමමින් හද බැතියෙන් මේ ලෙසහට




#Request
#Histroy_Teacher




දඟකාර රචකයා ✍️ 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
ආදර මල්ලි...

පුංචි කාලේ ඉදලා පොඩ්ඩක් රණ්ඩු කරාට
එක තැනක ඉන්න බැරි දාංගලයක් තිබ්බට
උබේ හිත මාර ලස්සනයි මගෙ මල්ලියො
කවුරුහරි උදව්වක් ඉල්ලුවාම බෑ කියලා
හිත රිද්දන්නෙ නැතුව හැමදාම කරලා දුන්නා
තාත්තා ලඟ නැති අඩුව තාත්තෙක් වෙලා
උබ රැක්කා මල්ලියේ...
අයියෙක් නැති මට එකම අයියා උබ උනා...
ඉතින් මල්ලියේ මේ අක්කට
වෙන කොයින්ද බං වටින වස්තු
එකම වස්තුව උබ වෙච්ච කොට
ආදරෙයි මගේ මල්ලියේ...


#Request

#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty

🌼🌼🌼🌼🌼🌼

දඟකාර රචකයා ✍️🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
මලගමක අපූරූව

"මචන් මචන් මලගෙයක් වෙලා නයිට් එකක් ගැහියාකි ආහ්"
"අඩෝ අඩෝ චොක්ලට් බිස්කට්"
"ඒ මචන් කෙල්ලෝ ඉදී නේහ් බං හැන්ඩි එකට යමන් ඈ"
"අඩේහ් බත් එකට මස් තිබ්බොත් මරු මාලු සෙට් නැහැ ඕයි"
"අඩෝ මේ වාචාලකමට කියවලා ලැජ්ජා වෙන්නනම් බෑ යකෝ හොදේ"
"මචං අර ඇන්ටි එක්ක ඉන්න කෙල්ල බලපංකෝ රෝස මලනේහ්"

මලගෙදරක රසකතා කෙතරම් ඇහිලා
ඇත්ද ඔය දෙ සවන්වලට
මලගෙයක් කියන්නේ අදෝනා විතරක්ම අහන්න
තියෙන දුක්බරම වූ තැනක් නම් නෙමෙයි
පුංචි පුංචි සැඟවුනු සිනා පොකූරුවලින්
රසකතාවලින් විකාර ගොඩකින් පිරුණු
පොඩි උත්සවයක් වගේ
යාලුවෙලා රැස්වෙලා යන අවමගුලෙ
නිදිමරන්නේ ටූත්පේත් එකක් සාක්කුවේ තියාගෙන
කවුරුම හරි යාලුවෙක් නින්ද සෙයක් දුටුවොත්
ඒ නින්ද අයිතිකාරයා නාන්නේ ටූත්පේත්
අවමගුල් පවුලෙ අය ඇඩුවට තැවුනට
තමන්ගේ යාලුවා වෙනුවෙන්
තමන්ගේ නෑකම් වෙනුවෙන්
හිත්වත් කම් වෙනුවෙන්
අවමගුලට ගොඩවුන් හැමෝමත්
අදෝනා දිදී විලාප තියන්න කියලා
කොහෙවත් ලියවිලා නෑනෙහ්
ගන්න ඕනී ආතල් එක කොහෙවුනත්
ගන්න ඕනී මොකද කවුද දන්නේ
අද මේ මැරිලා ඉන්න මනුස්සයගේ තැන
හෙට අපිට ඉන්න වෙයිද කියලා
ඉතින් විදගන්න අවමගුලකත් අපුරූව

#request


🌼🌼🌼🌼🌼

දඟකාර රචකයා ✍️🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
සමහර බැඳීම් තියෙනවා අපිව ගොඩාක්
අසරණ කරලා දාන
ඒ බැඳීම් මතකයන් විතරක් ම
වුන අවස්ථා ද එමටයි
ඒ හැම තැනදිම වුනේ ඇත්ත මොකක්
වුනත් ඒක හිත පිලිගන්න අකැමැති වුන එක
පෑරෙන පෑරෙන වෙලේට ඒ දේ වුනේ
හොදටයි කියලා හිතුවට
හිත හැම වෙලේම ඉල්ලුවේම
ඒ මතක වල තිබ්බ ජීවන කතාව
ඇත්ත දැන දැන පිලිනොගත්තේ
හිත ඉල්ලන්නෙම ඒ බැදීම නිසා
හිත ඉල්ලන්නෙම ඒ කෙනාව නිස
අකැමති වුණත් තේරුම් කරගන්න
බැරි එකම ඇත්ත ඒක...

#Gethmina_Bandara
#Naughty_CG
#request

🌼🌼🌼🌼🌼

දඟකාර රචකයා ✍️🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
කෙල්ලෙක් කියන්නේ
ඉගෙනගන්න වැදගත් විදිහට
ඉන්න හදන එක් පාර්ශවයක්
නමුත් ඔවුන් දැනුම
තිබ්බට බුද්ධිය හසුරවන්න දන්නේ නෑ
මොකද කියනවනම් කෙල්ලෙක් හැම
වෙලේම හිතන්නේ මේ වෙලාව විතරයි
මං මේ කරන දේ නිසා හෙට
මට කොහොම ජීවිතේ ගෙවන්න
වෙයිද කියන එක හිතන්නේ නැහැ
දැන් සතුට වැදගත් තමයි
නමුත්...,
දැන් සතුට විතරක් ගැන හිතලා
වැඩ කරන්න ගිහින් ජීවිතේ වරද්ද
ගත්ත කෙල්ලො එමටයි
ඉතින් කෙල්ලනේ ඔයාල පොත පත
දැනුමෙන් ගොඩාක් දන්නවා ඇති
ඒත් බුද්ධිය කියන එකත් පොඩ්ඩක්
වර්ධනය කරගන්න...
පොත පත දැනුමෙන් විතරක්
සමාජයේ ජීවත්වෙන්න බැහැ...

තේරුම් ගන්න ඔයාගේ
අම්මා තාත්ත විතරක් නෙමෙයි
සමාජේ ඉන්න කියලා...


#Gethmina_Bandara
#Naughty_CG   @TheAuthorNaughty

🌼🌼🌼🌼🌼🌼

දඟකාර රචකයා ✍️🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර

https://t.me/TheAuthorNaughty

https://chat.whatsapp.com/IHItz9AoxUA6gh5zbexu1f


#Members_Request
#request
හායි කියවුනු අහම්බයක්ම වූ මැසේජයකින්
හමුවුනි ඒ දෙනෙත් හිමිකරු
කෙමෙන් බැදුනද මේ හිත
කියාගන්නට අකීකරු විය එදින

පසුව දින ගෙවී ගිය විට
ඔහුට පැවසුවේ හිතේ තියෙනා ලෙන්ගතුකම
අසා සිටියේ ඔහුද මා කියු දෙය
එයම ඕනී වී තිබුන හැඟුමෙන්

ටිකෙන් ටික ආදරෙන් ගෙවුනු
පෙම් කතාවට ඇස්වහක සැර වැදි
සැනින් සුනු විසුනුව අපෙ බැදිම අද
වාවනු නොහැකිය පපු කකියන හැඟුම

අහම්බෙන් හමුවුණු ඔන්ලයින් පෙම
අද නටඹුන් ව විසිරී ඇත
තවම සොයමි ඔන්ලයින් පෙමක
ඉරණමද මේ ගෙවෙන්නෙ කියා

#request
#Gethmina_Bandara
#Naughty_CG @TheAuthorNaughty


දඟකාර රචකයා ✍️ 🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
පුංචි පුංචි වචන පද පේලී වුණු
පද පේලි එකිනෙක එක්ව
ගීතයක් ව ලියවුණු
හරි අපූරූ කලාවකි සංගීතය

සංගීතයට ආදරේ කරන්නියකට
අනිත් සියල්ලටම වඩා
සංගීතය ගැන තියෙන්න පිස්සුවක් කීවොත්
ඇත්තෙන්ම හරි මොකද
ඇයට ඇගේ ආදරය කියන්නෙම
" සංගීතයයි "
කලාව විදින්නියකට එය හැර
අන් කවරක් කුමටද
ඇය දිනීමටනම්
සංගීතයට පෙම් බදිනවා හැර
නැත කිරීමට කිසිවක් තවකෙකුට


#Request
#Gethmina_Bandara
#Naughty_CG   @TheAuthorNaughty

🌼🌼🌼🌼🌼🌼

දඟකාර රචකයා ✍️🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර
අක්කෙක්ට මල්ලියෙක් කියන්නෙම
වටින සම්පතක්...
කොච්චර වැරදි කරත්
කොච්චර රන්ඩු කරත්
අක්කට මල්ලිව කියමනක් විදිහට
බැලුවොත් නම්,
උනහපුලු මවකට උගේ පැටියා
වගේ තමයි අක්කට මල්ලි කෙනෙක්
ගැන තියෙන සෙනෙහස
මල්ලිටත් අක්කා කියන්නෙම
ඔහුගේ දෙවැනි අම්මා
ඒ තරමට ඒ බැඳීම ආදරණීයයි
අයියා කෙනෙක් නැතිවුණාම මල්ලියෙක්
ඉන්නවා කියන්නේ අයියෙක් ලැබුණා හා සමානයි..
මොකද මල්ලි ටිකෙන් ටික වැඩෙත්ම
අයියෙක් නැති අඩුව හරි ලස්සනට
පුරවලා දෙනවා....
ඒක තමයි අක්කා කෙනෙක්ගෙයි
මල්ලි කෙනෙක්ගෙයි තියෙන
හරි අපූරූ බැඳීම....


#Request
#Gethmina_Bandara
#Naughty_CG   @TheAuthorNaughty

🌼🌼🌼🌼🌼🌼

දඟකාර රචකයා ✍️🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර



https://t.me/TheAuthorNaughty

https://chat.whatsapp.com/IHItz9AoxUA6gh5zbexu1f
දුව - "අම්මී..මගෙ තාත්තී කෝ අම්මි 🥺❤️‍🩹"

අම්මා - "දෝණිගේ තාත්ති දිව්‍යලෝකේ ඉන්නේ"

දුව - "ඇයි අම්මි ඉතින් තාත්ති අපිව දාලා දිව්‍යලෝකේ ගියේ"

අම්මා - "තාත්ති ගියේ මගෙ දෝණීට තරු අරන් එන්න පැටියෝ"

දුව - "යේ..යේ..අම්මි තාත්තිට ඉක්මනට තරු අරන් එන්න කියන්නකෝ දෝණිට පාලුයි කියන්න"

අම්මා - "හරි මගේ දෝණී මං තාත්තිට කියන්නම්"

පුංචි කාලේම ගෑනු ලමයෙක්ට
තමන්ගේ තාත්ත නැති වුනහම
ඒ ලමය පුංචි කාලේ සැනසිලි වදනින්
සැනසුනත් ටිකෙන් ටික ලොකුවෙනකොට
තේරුම් යනකොට තාත්තා ලග
නැති අඩුව හොදටම දැනෙනවා

අම්මගේ ආදරේ අඩු නැතිවුනාට
තාත්තාගේ රැකවරණය අම්මට පුරවන්න
ඇත්තෙන්ම අමාරුයි
ඉතින් ඒ රැකවරණය නැති වෙනකොට
තාත්ත නැති අඩුව තදින්ම දැයෙනවා ❤️‍🩹
යාලුවන්ගේ තාත්තලා එක්ක යාලුවෝ
ලගින් ඉන්නකොට විනෝද වෙනකොට
තාත්තේ කියලා හරි ආදරෙන්
කතා කරනකොට🥺

තාත්තා නැතිවුණ දෝණියෙක්ට
ඇස් අගට කදුලු උනන්න
තත්පරයක වෙලාවක්වත් යන්නේ නෑ

පිරිමි ලමයෙක්ට ඒ දේ
ලොකුවට නොදැනුනත්
ගෑනු ලමයෙක්ට ඒක
හොදින්ම දැනෙන්නේ
ගෑනු ලමයි වැඩියෙන්ම
එකතු තාත්තෙක් ගාව හින්දා❤️‍🔥😌

මේ ලෝකේ කිසිම දියණියකට තම පියාණන් පොඩි කාලේදිම නැතිවෙන්න හොද නැහැ.😢

#Request

Gethmina Bandara |° ✍️
නුඹම ඇවිදින් එදා
පිනවුවා මාව ප්‍රීතියෙන්
මවා මට ලෝකයක්
හීනයෙන් සැරිසරන්නට මෙදා

තනිව ඉන්නට පුරුදු නැතිතරමට
හිත හුරුකර වෙලිලම ඉන්නට
කාගෙදො අතක් වෙලිලා
නුඹ ගියා පෙරේදා මාව දමා

කමක් නෑ චූටී ඔයා ගියාදාට
තනිව ඉන්නට පුරුදුවෙන්නම්
තනිව මමම හෙමිහිට
උහුලන්නම් තනිකම කෙසේ හෝ

ඔය හිතට පෙම් බැඳපු
මේ හිතට පිටු නොපා
රකින්නම් මේ හිතේ
නුඹ නමින් දුන් හැම ඉඩක්....



Gethmina Bandara |°

#Request
ලතාවකට හෙලවෙන
කන් පෙතිවල එල්ලී වැක්කෙරන
තෝඩු යුගලය නැගණියනි....

ඔයාගේ ඔය ලස්සන මූණ
තවත් ඔප දාන්නේ....
ඔය මූණට අලුත්
එලියක් එක්කරලා....

රන් පාටින් දිදුලන
ඔය තෝඩු යුගල
තවත් ලස්සන වෙනවා
ඔයාගේ කන් පෙත්තේ
එල්ලී තියෙද්දී....

දෙන්නද මාත් අරගෙන
මගේ ආදර මනාලියේ
ඔය දෙකනේ පලදින්නට...



Gethmina Bandara✍️

#Request
ආදරය වැඩි වුනු තැන
වටිනාකමක් නෑ
මොකද ඒ ආදරේ වැඩිකමම
පරිස්සම ගැන ගොඩාක් බය වෙනවා
ඒ පරිස්සම කෙතරම්ද නම්
කරදරයක් බදු හැඟීමක් දෙන්නේ
ඒ හැගීම නිසාම මිනිස්සු
හොදම අය නැති කරගන්නේ....🥺💔
දෙවරක් හිතැන් නැතුව වුණද
පස්සේ කාලෙක ඔවුන්ම පස්තැවෙන්නේ
අර හිත් අස්සේ තිබ්බ
ආදරේට ලෝබකමේ ඒ අයිතිය නැතුව
ආදරේට පයින් ගහපු කෙල්ලෝ
නැතිවුන ඒ පරිස්සම් ආදරේ දිහා
බල බල හුල්ලන්නේ ඒ ආදරේ
කෙතරම් වැද වැටුනත් ආයේ
නොලැබෙන බව දන්න නිසාම
ඉතින් ලස්සන ලමයෝ....
පරිස්සම් කරන හරි අහිංසක බැඳීම්
විනාශ කරගෙන පසුතැවෙන්න එපා...💔🥹


#Request

Gethmina Bandara✍️
පොත පත ගෙන අතට
ගිය විට සිප්දොර වෙතට
අකුරු කරනට සැරසෙනු ලෙසට
ඔවදන් දෙන්නේ ගුරුවන ඔබ අපට

නමදිමු දෙපා ඔය කරුණාවට
හද ගැඹුරින්ම එන ගුරුභක්තියෙන්
ඔබයි අපේ දෙවන කුලදෙගුරුන්
ජීවිතෙ විදිනා මේ පුරා කාලයේ

පෙර කී ලෙසම ඔබ
කලා මා යහපතම දෙය
දිනුවා මා ලොවම ඉතින
පින් ගුරුමෑනි පියවරුනි තුටිසිතින



Gethmina Bandara |° ✍️

#Request
#Teachers
ඒ දුඹුරු ඇස්
මං මුලින්ම දැක්කා එදා හවස
ඒ ඇස්වල තිබුණේ
මොකක්දෝ කියාගන්න බැරි කතාවක්
හීන් දිගැටි ඇස් ඇතුලේ
දුඹුරු ඉංගිරියාව අමුතු ලස්සනක්
ඒ මූණට ගෙනැල්ලා තිබ්බා
හොරැහින් මා එදෙස බලද්දි
ඒ ඇසුත් මා කෙරෙහි වැටී තිබුණා
දන්නවද ඒ ඇස් මට හීනෙනුත්
පේන්න අරන් දැන්...



Gethmina Bandara |° ✍️


#Request
වත රෞද කරන්
නපුරියක් වගේ ඈ
හැසිරුනාට මං ගාව
කිව හැකියි මට ඔය
හිතේ තියෙන අහිංසකකම

පිපුණාට නුඹ ඈත
පියකරුයි නුඹ මට හැමදාම
සුදෝ සුදුවට සියුමැලිව
පිපුණු සුදු පිච්චයි මට නුඹ



Gethmina Bandara |° ✍️


#Request