𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍° 🇱🇰
18.4K subscribers
2.47K photos
251 videos
6 files
4.59K links
Study Tips📚 | Motivation💥

𝖱𝖾𝗅𝖺𝗍𝗂𝗈𝗇𝗌𝗁𝗂𝗉💑 | Psychology💆‍♂

𝖯𝗈𝗌𝗂𝗍𝗂𝗏𝗂𝗍𝗒🤪 | Self Love

එන්න අපිත් එක්ක එක්කහු වෙලා ජීවිතේ ඉගෙනගන්න🤩


Since : 24|03|2021🖤💫
Admin : @Eins_on_tele 🖤😈

#Srilanka🇱🇰
Download Telegram
මං පුංචි රැන්ඩම් ප්‍රශ්න ටිකක් අහන්නම් !

ඒකට උත්තරදීම හෝ නොදීම ඔයාගේ වර්තමාන තත්වය මත ගොඩක් දුරට වෙනස් වේවි . මං හිතන්නේ කාලයත් එක්ක අපේ සංනිවේදනය අඩු වෙනවා . ඒකාකාරී නොවන බවක් නිදහස් බවක් හැම කාලෙකෙදිම මිනිස්සුන්ට ඕන වෙනවා . සමහරවිට මේක කෙනෙක්ට හරිම පොඩි දෙයක් උනත් තවත් කෙනෙක්ට දේවල් මතක් කරගන්න , අලුත් දෙයක් හිතන්න උනත් අවස්ථාවක් වෙන්න පුළුවන් .
හරි එහෙනම් අපි බලමු !

1) ඔයා මේ මොහොතේ සතුටින්ද ඉන්නේ ..
2) ඔයාට හොඳ මතකයක් මතක් කරගන්න ඕනෙනම් එහෙම මුලින්ම මතකෙට එන දේ මොකක්ද ..
3) ඔයා තව මනුස්සයෙක්ගේ දකින්න ආසම ගතිගුණය / දෙය මොකක්ද ..
4) මේ වෙලාවේ ඔයාගේ යටි හිතේ play වෙන සිංදුව මොකක්ද ..
5) කෙනෙක් ඔයාවෙන් කියපු , ඔයාගේ හිතට තදින්ම වැඳුන දේ මොකක්ද ..
6) තව කෙනෙක් වෙනුවෙන් කියන්න පුළුවන් ඔයාගේ මායාකාරී වචන ටික මොනාද ..
7) ඔයා දැන් ඉන්න තත්වය ගැන ඔයාට හිතෙන දේ ..

මේවා හරි පුංචි දේවල් උනාට ඒ අස්සේ ලොකු කතන්දර තියේවි ..
අපි එහෙනම් ටිකක් කතා කරමු ..
අපි ගැන !!

- නෙරීනා
ජීවිතයට යාළුවො මහ ගොඩක් ඉන්න ඕනේ නෑ, ඔයාගේ මූණට හිනාවක් ගේන්න පුළුවන්, ඔයාව දරාගන්න පුළුවන්, ඔයාව තේරුම් ගන්න පුළුවන් හොඳම හොඳ එක යහළුවෙක් හිටියහම ඇති ජීවිතේ හරිම ලස්සනට ගෙවිලා යන්න..

ඔයාගේ ජීවිතේ හොඳම යාලුවෙක් නැත්නම් ඔයා කාටම හරි හොඳ යාලුවෙක් වෙන්න උත්සාහ කරන්න.. එතකොට ඔයාටත් හොඳ යහළුවෙක් ලැබේවි..

යහළුවෙක්ව තෝරා ගනිද්දි අපි මොනවගේ දේවල්ද බලන්න ඕනේ?

Open Minded : ඔයා තෝරගන්න යහළුවා Toxic අදහස් නැති හරිම විවෘත්ත අදහස් තියන පුද්ගලයෙක්ද කියලා බලන්න..

Loyalty: ඔයාගේ මිත්‍රයා කොච්චරක් ඔයාට පක්ෂපාතීද කියලා පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න.. මොකද ඔයා ඉන්න තැන හොඳ කියල ඔයා නැති තැන ඔයාව විවේචනය කරනවා නම් ඒ වගේම මිත්‍රයන්ව වැටෙන්නේ Toxic මිත්‍රයන් ගනයට..

Honesty: ඔයා හොඳම මිතුරෙක් කර ගන්න යන පුද්ගලයක් කොයි තරම් ඇත්ත කියනවද කියන එක සහ කොයිතරම් විනිවිද භාවයකින් යුක්තව කටයුතු කරනවද කියන එක ඔයාගේ මිත්‍රත්වයට ගොඩක් ලොකු බලපෑමක් ඇතිවෙනවා..

Empathy: ඔයාස් තෝරගන්න යන ඔයාගේ මිත්‍රයාට කොයි තරම් දුරට ඔයාගේ හැඟීම් තේරෙනවද සහ කොයි තරම් එයාට ඔයාව care කරන්න පුළුවන්ද කියන එකත් සෑහෙන්න දුරට හොයලා බලන්න වෙනවා

Reliability: ඒ පුද්ගලයා ඔයාට කොයි තරම් විශ්වාසදායී පුද්ගලයෙක්ද කියන එක ඔයාට වැදගත් වෙනවා මොනම හරි වෙලාවක ඔයාව නියෝජනය කරන්න එයාට සිද්ධ වෙන්න පුළුවන් නිසා

Shared interests: සමාන අදහස් තියෙන දෙන්නෙක් එක ටික තුනම ජීවිතේ හරිම සතුටින් මිත්‍රත්වය පවත්වාගෙන යන්න පුළුවන්, ඒ කියන්නේ ඔයාගේ හොඳම මිත්‍රයාගෙ.Vibe එක සහ ඔයාගෙ vibe එක සමාන වෙන්න ඕනි...

Open communication: සන්නිවේදනය කියන එක මිත්‍රත්වයක් පවත්වාගෙන යන එකේදී ඉතාම වැදගත් දෙයක්, ඒ නිසා ඔයා කියන දේ නිවැරදිව ග්‍රහණය කර⁣ගන්න පුලුවන් කෙනෙක් ඔයාගේ හොඳම යහළුවා කරගන්න වෙනවා..

Supportive nature: අනිවාර්යෙන්ම මිත්‍රයෙක් කියන්නේ ඔයාගේ ඕනම දේකට උදව්පදව් කරන වගේම ඔයාව හොඳට එන්කරේජ් කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕන..

Respect: ඔයාලා දෙන්නටම දෙන්න ගැනම ගෞරවනීය හැඟීමක් තියෙන්න ඕනේ, එහෙම නැතුව ඔයාට respect කරන්න දන්නෙ නැති කෙනෙක් ඔයාගේ හොඳම මිතුරා වෙනවා කියන්නේ ඒක හරිම භයානක දෙයක්..

Positivity: මිත්‍රයෙක් අනිවාර්යෙන්ම positive අදහස් තියන පුද්ගලයෙක් වෙන්නම ඕනි.. ඔයාට හමු වෙන්නේ නෙගටිව් අදහස් තියෙන හොඳම මිත්‍රයෙක් නම් ඔයාගේ ජීවිතත් හරිම නැගිටිව් අදහස් වලින් පිරුණු ජීවිතයක් වේවි..

හොඳ මිත්‍රයෙක් හොයාගන්න එක ලේසි පහසු නෑ කියලා ඔයාලට හිතෙන්න පුළුවන්, ඇත්ත හොඳ මිත්‍රයෙක් හොයාගන්න එක හරිම අමාරුයි, හැබැයි එක හොඳ මිත්‍රයෙක් කියන්නේ ඔයාගේ ජීවිතේ සතුටෙන් සියයට පනහක්...

මම ප්‍රාර්ථනා කරනවා හැම කෙනාටම ජීවිතේ හොඳම යහළුවෙක් ලැබෙන්න ඕනේ කියලා...

තො මී
#ThomiThoughts

🔵 Thomi's Community - https://chat.whatsapp.com/CiiOFOWvLRmF2LO0Xap13O

🔵 Thomi's Whatsapp Chanel - https://whatsapp.com/channel/0029Va9pbxCEFeXrOluOjC3R
මේ ජීව්තේ මං ගොඩාක්ම විශ්වාස කරන දෙයක් තමා අපේ ජීවිතේදි අපිට හරි පුදුමාකාර දේවල් හම්බුවෙන්නෙ අපි ජීවිතය ජීවත් කරවන්න අත් නොහැර සටන් කරනවා නම් විතරයි කියලා ❤️.

ඉතින් ජීවිතේට එන දුශ්කර කාල දරාගෙන අත්නොහැර ඉස්සරහටම යන ඔයාට මගෙන් පුංචි කැලෑ මල් පොකුරක්🥹💐.

දිගටම අල්ලන් යමු ලමයෝ ලස්සන දවස් වෑඩි ඈතක නෙමෙයි🥺.


බටුස්🤤❤️
~ මට සතුටුයි ~

මට සතුටුයි මං ජීවිතේ පරාද වෙච්චි තැන් ගැන, මාව රිජෙක්ට් වෙච්චි තැන් ගැන , මාව විහිලුවට නැත්නම් අපහාසයට ලක් වෙච්චි තැන් ගැන , මං ෆේල් උන විභාග ගැන , මං ෆේල් උන රිලේශන්ශිප් ගැන , මට වැරදුණු තැන් ගැන , මං හරි යයි කියල ප්‍රාර්ථනා කරත් හරි නොගිය හැම සිදුවීමක් ගැනම.

මං ස්තූතිවන්ත වෙනවා මාව ජජ් කරපු හැම මනුස්සයෙක්ටම , කෙල වෙනකන් බලන් ඉන්න හැමෝටම , අන්තිමට වැටිල ඉන්නකං ආසාවෙන් බලාගෙන හිටිය වටේම හිටපු අපූරු ආත්මාර්ථකාමී සනුහරේටම , හිනාවෙන්න ඇදයක් හොයන්නම බලන් හිටිය හිත මිත්‍රාදීන්ට , මොනම අවස්ථාවකදීවත් තමන්ට තමන් ඇරෙන්න කිසිම කෙනෙක්ගේ හව් හරණක් නෑ කියල මට ඒත්තු ගන්වන්න උදව් කරපු සියලුම ජීවීන්ට !

ඉතින් මට සතුටුයි මං ෆේල් උන එක ගැන , රිජෙක්ට් උන එක ගැන , ඉග්නොර් උන එක ගැන ! මොකද මට පුළුවන් ඒ දේවල් වලින් ඉගෙන ගත්ත බොහොමයක් දේවල් ඔයාල එක්ක බෙදාගෙන ඉස්සරහට යන්න !

ඉතින් ; ජීවිතේ ඔයාට මොන පාඩමක් ඉගැන්නුවත් , මතක තියාගන්න ඒකෙන් කවදාම හරි ඔයාට වෙන්නේ හොඳක් ! 😊🌸😍

Yes , I'm so happy that I was rejected, failed,judged and ignored in many times !

#පතොක්මල්_byPoori
#Poornima_Mirihagalla
අතාරින්නෙ නැතිව දිගටම ජීවත්වෙන්න ලමයෝ😌.
ජීවිතේ මොන දේ උනත් කොච්චර වේදනාකාරී උනත් කොහොම හරි ජීවත් වෙන්න🖤.

මොකද අනාගතේ දවසක ඔයා ඔයාටම කියාගන්නවා ;

"මං මට හරිම ආදරෙයි ලමයෝ" කියලා...

මොකද ඔයා ඒ තැනට එනකන් කොහොම හරි ඔයාගෙ ජීවිතේ වේදනාවන් ඉවසගෙන සතුටවල් විඳගෙන ජීවත් උනානෙ🌻.

ඉතින් ලමයෝ keep fighting...!!

තේරුනාද...?

©බටුස්🌻.
@wagee21🤓🫰.
batumoju🖤💛.
𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍🍃🇱🇰.
T.me/LittleSecretSL
කොල්ලෙක්ගේ හිතෙන්..

මන් අහන්නේ ඇයි?


..පොඩි කාලේ ඉදන් කන්ඩ බොන්ඩ තිබ්බ නේද ..මහ ලොකුවට ඇන්දේ කරේ නැතත් ඇන්දා නේද හිතට ආස විදියට.ඒ වුනාට උබ අම්ම තාත්තගෙන් ඒව ඉල්ල්ල කරදර කරෙ නෑ නේද...ඔව් ගොඩක් කොල්ලෝ ඒම තමා..කොල්ලොන්ගේ හිත් හරිම පුදුමාකාරයි..උබේ අම්ම හැමදාම රෑට එකම් ගව්ම හරි නයිටිය හරි ඇදන් ඉන්නව දකිනවා නේද.තාත්තා එකම සරම ඇදන් ඉන්නව දැකල ඇති නේද..ඒව දැක්කම කවදහරි එයාලට හොද ජීවිතයක් දෙන්න ඕනි කියල ගොඩක් කොල්ලෝ කෙල්ලෝ දකින් හීනයක්...

සමාජය කොල්ලෝ හොදයි කියද්දී කෙල්ලෙක් බඩ පේන්ඩ ඇන්දම බඩුව කිව්වා..ඒකෙම් අනිත් පැත්ත ගත්තම කොල්ලෙක් tattoo එකක් ගැහුවම ඕක කුඩු විකුනන රස්තියාදුකාරයෙක් කිව්වා..හැමදාම එලියෙන් මිනිස්සු දිහා බැලුවේ හැඩරුවෙන්..ගමේ එක කොල්ලෙක් රස්තියාදු ගැහුවොත් මිනිස්සු තමන්ගේ ලමය මනින්නෙත් ඒ කෝනයෙන්මයි.


මන් අහන්නේ ඇයි ඒ

නෑදෑවුන සම වයස් කෙල්ල Al ,A 3 k ගත්තා කියල තමන්ගේ කොල්ලව බල්ලට දාපු ඕන තරම් ගෙවල් ඇති..හැබැයි හොදට බලන්න..ඒ ගෙවල වල ඉන්න කොල්ලෝ ගොඩක් වෙලාවට සද්දේ නැතුව තමන්ගේ දුක හංගන් අඩන් නැතුව ඉන්නව ඇති..

කෙල්ලො මොන බයිල කිව්වත් උබලට බෑ බන් පිරිමි අපේ හිත් කවදාවත් තේරුම් ගන්න..බලහන් සමහරවිට ඔය ඔයාගෙ පිරිමි ලමයට බනිනවා ඇති සෑහෙන්ඩ..ඌ දවස පුරා මහන්සි වෙලා ඇවිත් ඔයාට කියනව ඇති මහන්සී බබා අද..ඔයා ඒ වෙලාවට " ඉතින් මට මොකද කරන්න කියන්නේ" කියල ඇහුවොත් උගේ හිතේ ඇතිවෙන වේදානාව උබලට තේරෙන් නෑ බන්..

ඌ ඔයාගෙන් මහ ලොකු දේවල් ඉල්ලන් නෑ. හැබැයි උට උගේ හිත පිරෙන්ම වචන දෙක තුනක් ඇති දවස්සෙම මහන්සි නිවෙන්ඩ...සමහර කොල්ලෝ ඉන්නව මුලු පවුලේ බරම කරට අරන් නන්ගිව මල්ලිව ඉස්කොලේ යවන්ඩ සල්ලි හොයන...උන් ඒම කරන්නේ ඒ වෙන මොකුත් හින්දවත් උට මේ වෙන වාසියක් මගුලකට නෙවෙ..ඒ උන්ගේ හිතේ මගේ උන්ට තියෙන කැක්කුම නිසයි..ගොඩක් කොල්ලොන්ගේ හිතේ තියෙන්නෙ ලොකු car එකක් හරි bike එකක් හරි ගන්න කියල හිතන ඉන්න අය දන් නෑ උන්ගේ හිතේ තමන්ගේ අම්මව තාත්තව ඌ ආදරේ කරන කෙල්ලව තමන් හම්බකරල ගත්ත වාහනේක දාන් යන්න..

මන් ගැන වැරදියට තේරුම් ගන්න එපා..මන් මේ කරන්නේ කොල්ලොන්ව සුද්ද කරල කෙල්ලොන්ව බලු ගානට දාන එක නෙවේ කොහොමටවත්..හැමෝම කෙල්ලගේ පැත්තේන් හිතුවට කවුරත් කොල්ලගේ පැත්තෙන් හිතුවේ නෑ බන්..
ඒත් මේකයි ඇත්ත බන්.උන්ගෙ හිතවලුත් පොඩ්ඩක් තේරුම් ගන්න බලන්න..

කොල්ලෙක් කෙල්ලෙක්ව අතාරිනවා කියන්නේ ඌ වෙන කෙල්ලෙක් හොයාගෙන හරි.නැත්නම් ඔයාගෙන් ඕන වැඩේ කරගත්ත්ට පස්සෙ අතරින එකම නෙවේ බන්..සමාජයේ පේන විදියට ඕම අය ගොඩක් ඉන්නව වගෙව් පේනව ඇති.හැබැයි පට්ට අහින්සක කොල්ලොත් ඉන්නව ..එයාල්වත් අනිත් අයගෙ විදිහෙන්ම මනින්න එපා..

සමහර දේවල් වලට ඔයා බොරුවට උට බනිනවා ඇති..කුනුහරුපෙන් බනිනවා ඇති.හැබැයි ඇත්තටම ඒක ඔයා හිතපු දෙයක් මිස ඇත්තට වුන් නැති දෙයක් වුනත් ඌ ඒක අහගෙන බැනුමුත් අහගෙන ඔයා බැනල ඉවර වුනාට පස්සේ කාලද මැනික කියල අහන වෙලාවල් ඇති..හිතපන් පොඩ්ඩක් මේ ගැන..
ඔයා දුකින් වෙලාවට ඌ ඔයාව සනසවනව ඇති..ඔයා මොකක් හරි කතාවක් කියද්දී එයා ඒක අහන් ඉන්නව ඇති..හැබැයි ඔයා එයා කියන දේවල් අහන් ඉන් නැත්නම් එයාගේ අමාරු කාල වල එයා ලගින් හයියක් වෙලා ඉන් නැත්නම්.බොරු දෙයක් කියල දැන දැනත් එයාට නොසෑහෙන්න බනිනවනම්.එයා ගාව සල්ලි නෑ කියල දැනගෙනත් එයාගෙන් එක් එක් දේවල් ඉල්ලල කරදර කරනවනම්...මන් කියන්නේ ඔයා එයාගෙන් ඈත් වෙලා යන්න..ඒක තමා කරන හොදම දේ..හැබැයි මන් දාන්නව බහුතරයා නොවන සුලු පිරිසක් ඉන්නම හරියටම ආදරේ කියන වචනේ තෙරුම දන්න කොල්ලො කෙල්ලෝ..එයාල තමා මේ කෲර ලෝකේ ලස්සන කරන්නේ...
ආදරේ කියන්නේ දෙන්නගේ හරි අවබෝදයෙන් කරන්න ඕනි දෙයක්..ඕනිම කෙල්ලෙක් වුනත් කොල්ලෙක් වුනත් ඔලුවේ තියාගන්න ඕනි තමන්ගේ partner ව හොදින් බලාගන්න එක..යාලු වෙද්දි වුනත් එක සීමාවකට කොටුවෙන එක නවත්තන්න..ඒක සල්ලි හරි,ඇග හරි ,වෙන ඕනිම දෙයක් වෙන්න පුලුවන් ..හැබැයි ඒවා නිකන් සබන් පෙන වගේ..සීමාවකට කොටුවෙලා තීරණ ගන්න එක නවත්තන්න..

ගැල්විලා යන පිටුවල ලස්සන කතා ලියන්න යන්න එපා....

~Dil❤️

𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍 🌻🇱🇰
T.me/littlesecretSL
හේතුවක් ඇතුව හෝ නැතුව දුක්වෙන (බොහෝවිට අඬන) මනුස්සයෙක් ඔයාටත් මුණගැහිලා තියනවද ? " අපෝ! මෙයාගෙ වැඩේ අඬන එකමනෙ. මෙයත් එක්ක හිටියොත් මටත් අවුලෙන් ඉන්න වෙන්නෙ... ". මෙහෙම ඔයාටත් හිතිලා ඇති. ඒත් ඔයා කවදාම හරි හිතලා තියනවද, " ඇයි මේ මනුස්සයට මෙච්චර පොඩි දේකටත් දුක හිතෙන්නෙ කියලා ? ". බොහෝ විට නැතුව ඇති.

ජීවත් වෙන හැම මනුස්සයෙක්ම කරන්නෙ නැවතුමක් නැතුව දුවන එක. එහෙම දුවන ඔයාගෙ ජීවිතෙන් ඒ මනුස්සයා වෙනුවෙන් ටික වෙලාවක් කැප කරන්න පුළුවන් නම් ඒ දේ කරන්න. ඒ මිනිස්සුන්ට ඕනෙ ලොකු ලොකු දේවල් නෙවෙයි. මොකද පොඩි දෙයකින් දුක් වෙන මිනිස්සුව සතුටු කරන්නත් පොඩි දෙයකින්ම පුළුවන්.

අපිට එහෙම මිනිස්සු අඬන එක නවත්තන්න බෑ. හැබැයි අපිට පුළුවන් එයා අඬලා ඉවර වෙනකල් අපේ උරහිස එයාගෙ ඔළුවට වෙන් කරන්න. අඬලා ඉවර වුණහම කඳුළු පිහදාන්න. අන්තිමට මෙන්න මේ මැජික් වචන පාවිච්චි කරන්න.
" මොන දේ වුණත්, මම ඉන්නවා ඔයත් එක්ක ! ".
හැබැයි ඒ මැජික් වචනවල එක නීතියක් තියනවා. ඒ මැජික් වචනවල බලය තියෙන්නෙ අපි ඒ පොරොන්දු වුණ විදිහට වැඩ කරනකල් විතරයි.

ඉතින් මම ඔයාට කියන්නෙ,
අපිට බෑ ඒ මිනිස්සු අඬන එක නවත්තන්න. ඒත් අපිට පුළුවන් ඒ මිනිස්සුන්ගේ හිනාවට හේතුවක් වෙන්න!

- නවිෂ්ක -

https://www.facebook.com/share/v/V814kC8aZEvTZygV/?mibextid=WC7FNe
Forwarded from Littlesecret Button Post Maker
ඔයාලට A/L , O/L වගේ විභාග කරන්න උදව් වෙන Study Tips , Tricks , methods වගේ දේවල් ටිකක් එක දිගට කියවලා යාලුවොන්ටත් ශෙයා කරන්න අමතක කරන්න එපා😊👇🍃


තව මේ වගෙ ටිප්ස් ඕනි නම් අපෙ @littlesecretsl චැනල් එකේ සර්ච් කරන්න ඔයාලට ඕනි දේවල් ගොඩක් දේවල් හම්බෙයි ඉගෙන ගන්න උදව් වෙන😊.

මේ බටන් පෝස්ට් එකේ පලවෙනිකොටස ඔයාලට මේකෙ පලවෙනි බටන් එකෙන් ගන්න පුලුවන් ඒකත් කියන්න😗.
Forwarded from Littlesecret Button Post Maker
ඔයාලට A/L , O/L වගේ විභාග කරන්න උදව් වෙන Study Tips , Tricks ටිකක් එක දිගට කියවලා යාලුවොන්ටත් ශෙයා කරන්න අමතක කරන්න එපා😊👇🍃


තව මේ වගෙ ටිප්ස් ඕනි නම් අපෙ @littlesecretsl චැනල් එකේ සර්ච් කරන්න ඔයාලට ඕනි දේවල් ගොඩක් දේවල් හම්බෙයි ඉගෙන ගන්න උදව් වෙන😊.
හිත රිද්දගන්නෙ නැතුව යාළුවො ආශ්‍රය කරන්න ඕනෙනම්,👇🏼👇🏼

⭐️අද වගේම හෙටත් මෙයා මගෙ යාළුවා වෙයි කියල මිනිස්සු ගැන අධික විශ්වාසයෙන් ඉන්න එපා ,හේතුවක් ඇතුව ,හේතුවක් නැතුව හෝ හේතු හදාගෙන හරි මිනිස්සු වෙනස් වෙනවා

☀️එයා කාටවත් කියන එකක් නෑ කියල හිතල ඔයා ගැන කවදාවත් කවුරුවත් දැන ගන්න ඕනේ නැති රහස් කියන්න එපා ,දවසක ඒ රහස එළි වෙයි කියන බයට ඔයාට ඒ යාළුකමට ගැති වෙන්න වෙනවා

☀️දෙන්නම දන්න අඳුනන යාළුවොන්ගේ ගැන වැරදි අඩුපාඩු අනවශ්‍ය දේවල් කථා කරන්න එපා ,දවසක එයා හොඳ වෙලා ඔයා නරක මනුස්සය වෙනවා

☀️මූණට තියල අහන්න අකමැති නම් කේලම් කියන්න එපා ,වෙන අයගෙ කේලම් විශ්වාස කරන්නත් එපා ,මොකද පණ පිහිටුවල බොරු කියන්න දන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා

☀️එයා තරහයි ඒ නිසා මාත් තරහ වෙනවා කියල කා එක්කවත් හවුලේ තරහ වෙන්න එපා ,දවසක එයාල දෙන්න යාළුවෙලා ඔයා විතරක් තරහ වෙනවා .

☀️උපන්දිනයක් අමතක උනාට කෝල් එක ආන්සර් නොකලාට යාළුකම් පළුදු කරගන්න එපා ,මිනිස්සුන්ට තව වැඩ තියනවා

☀️එයා ඔයා අකමැති දේවල් කලාට ඒවට විරුද්ධ වෙන්න එපා ,එයාට වෙනම ජීවිතයක් තියනවා

☀️එයාගෙ ප්‍රේම සම්බන්ධ වල,අනියම් සම්බන්ධවල විවාහ ජීවිත වල ප්‍රශ්න වලට මැදට පැනගෙන දඟලන්න එපා ,ප්‍රශ්නෙ ඉවර වුනාම එයාල හොඳ වෙලා ඔයා නරක් වෙනවා .

☀️යාළුවො නිසා ,පෙම්වතා ,පෙම්වතිය ,අම්මා ,තාත්ත ,පවුලෙ අය එක්ක ප්‍රශ්න හදාගන්න එපා ,යාළුකම් වලට එහා ගිය තව බැඳීම් ලෝකෙ තියනවා .

අවශ්‍ය වෙලාවට දෙසැරයක් නොහිතා පෙනහළු වකුගඩු පවා දෙන යාළුවො එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න සමාජය ඇතුලෙ වගේම ඇහි පිය ගහන පමාවෙන් බෙල්ල මිරිකන යාලුවො තොග වශයෙන් ඉන්නවා ..

බැඳීමක් බිඳුණු දවසට අපිට වැඩිපුරම රිදෙන්නෙ එයාලගෙ හැසිරීම ගැන උනාට ,එයා ඉස්සරහදි ඔයාගෙ හැසිරීම හොඳ වෙලා තිබ්බ දවසට යන කෙනාට යන්න දීලා පාඩුවෙ හිත හදාගෙන ඔයාගෙ ගමන යන්න ලේසි වෙනවා .

මොකද මොන තරම් හොඳ ,බොක්කෙ යාළුවෙක් උනත් ඔයා එක්ක ඉන්නෙ එක්තරා සීමාවක් දක්වා විතරයි ..එතනින් එහාට ඔයාට තනිවෙන්නම වෙනවා ,අන්න එදාට දුකක් නොදැනෙන පසුතැවිලි නොවෙන විදිහට යාළුකම් තියාගන්න ,එච්චරයි 💜💜

අනිශා ජයකොඩි ✍️
Anisha Jayakody
(physiological counsellor
ඔන්න ඉතිං ඒලෙවල් රිසාල්ට් ආවා නේද 😏😋

රිසාල්ට් එක කොහොමද කියලා අහන්නෙ නම් නෑ ඒත් ඔයාවැඩ කරපු හැටියට රිසාල්ට් එකක් ඇවිල්ල ඇති කියලා මන් හිතනව හැමෝටම 😌

ඒලෙවල් කියන්නෙ ජීවිතේම නෙමේ කියලා ගොඩක් අය කියනව ඔයාල අහලා ඇතිනෙ, අද වෙන කොට නම් ඒ කතාවෙ ඇත්තක් නැත්තෙම නැ මොකද මීට අවුරුදු 20 කට වගෙ කලින් ඒලෙවල් වලට තිබ්බ වටිනාකමයි අද තියෙන වටිනාකමයි එක්ක බලද්දි ඒක ඔයාලටම තේරෙනවනෙ🤓🤤.

මං ඒකෙන් අදහස් කරෙ ඒ කාලෙ ඒලෙවල් ෆේල් වෙලා හරි ඒලෙවල් නොකර හරි යන්න තිබ්බ පාරවල් වලට වඩා අද ගොඩක් පාරවල් තියෙන නිසා, කොහොම උනත් ඒලෙවල් කියන්නෙ ලංකාවෙ රජයෙ විශ්වවිද්‍යාල වලට යන්න් තියෙන ගෝල්ඩන් කී එකක් වගේම ඔයාලගෙ ගොඩක් හීන වලට ශෝට් කට් එකක්🤩🍃.


ඉතිං ඔන්න අද ඔයාල වැඩ කරපු මට්ටමට ගැලපෙන්න රිසාල්ට් එකක් ඇවිල්ල ඇති🤪🙈.

රිසාල්ට් එක මොකක් උනත් ඒ රිසාල්ට් එක ගැන ඔයාට සැටිස් නම් ඔයාට සතුටුයිනම් අනික් අයගෙ රිසාල්ට් ගැනවත් මුකුත් හිතන්න ඕනි නැ ඔයාගෙ හීනෙට යන පාරෙ ඉස්සරහට යන්න දිගටම😀.

ඔයාට රිසාල්ට් අඩු නම් ඔයාට පුලුවන් ආයෙමත් එක්සෑම් කරන්න එහෙම නැතිනම් තව ඕනිතරම් පාරවල් තියේනෙ ඔයාගෙ හීනෙට යන්න ඒ පාරක යන්න😌😊.

හැබැයි කවදාවත් රිසාල්ට් අඩු උනා කියලවත් ඔයාට ඕනි රිසාල්ට් එක හම්බුනෙ නෑ කියලවත් මානසිකව වැටෙන්න එපා මොකද දන්නවද මේ ලෝකෙ හැමදේම අපි හිතන විදියටම වෙන්නෙ නෑ ඉතිං වෙන දේ අපි බාරගන්න ඕනි වගේම මං නම් හිතන්නැ ඔයා මෙහෙම පොඩි දේකට මානසිකව වැටෙන්න තරම් දුර්වල කෙනෙක් කියල මොකද මන් දන්නව මේක කියවන ඔයා හිතින් ගොඩක් ශක්තිමත් ලමයෙක්🤩😏.

හැබැයි ඔයාට පුලුවන් ඔයාගෙ රිසාල්ට් එකට අහියෝග කරන්න🌚.

ඒ ඔයාට ඔය හම්බුනු ඔයා සැටිස් නැති රිසාල්ට් එකට අහියෝග කරලා ඒ රිසාල්ට් එක ගැන දුක් නොවී ජීවිතේ ඉස්සරහට යන්න, ගිහිම් දිනලා පෙන්නන්න ඔයාට පුලුවන්😍🙃 .

අන්න එතකොට තමා ඔයා දිනුම් 😋🤓

මොකද ඒලෙවල් පාස් වෙච්චි පලියට වත් රෑන්ක් එකක් ගත්තු පලියටවත් මිනිස්සු ජීවිතේ දිනන්නෙ නෑ ඕනිතරම් අසාර්ථක වෙච්චි මිනිස්සු ඉන්නව ඔයවගෙ එක්සෑම් ඉහලින්ම පාස් වෙච්චි ඒවගේම ඕනිතරම් ජීවිතේ දිනපු මිනිස්සු ඉන්නව තුන්පාරම ඒලෙවල් ෆේල් වෙච්චිත්🤤😎.

ඕනිම දේකට තියෙන්න ඕනි හිතේ විශ්වාසයයි උත්සහයයි විතරයි😜🤘.

සමහර විට ඒලෙවල් හොදට පාස්වෙච්චි ලමයෙක්ට වඩා ඔයාගෙ සමාජයෙ ජීවත්වෙන හැටි ගැන දැනුම වගේම මේ ලෝකෙ දිනන්න ඕනිකරන දැනුම වැඩි වෙන්න පුලුවන් ඔයාගෙ😙🥰.

ඉතිං මේ ලෝකෙ හැමෝම එකවගේ දක්ශ නැති උනාට ඔයාට උත්සහය තියෙනවනම් ඔයා දැන් ඉන්න තැනිනුත් ඔයාට දිනන්න පාරක් කපාගන්න පුලුවන්🤓😎.

ඉතිං මානසිකව වැටිලා දුක් වෙවී ඉන්න එපා එන්න දිනන්න පාරක් කපාගමු මේ ලෝකෙ ඕනිතරම් පාරවල් තියෙනව ඔයා එනකන් බලාගෙන🫢🤭.

මම බටුමෝජු

ඉස්සරහට ඔයාට ජීවිතේ දිනන්න හොදම පාරක් ඔයාට හම්බෙනව අනිවාර්යයෙන්ම විශ්වාසය තියාගන්න සුපිරියටම.

ඒලෙවල් කියන්නෙ ජීවිතේ තියෙන එක මංසන්ධියක් විතරයි🙃.
©බටුස්🌻.
@wagee21🤓🫰.
batumoju🖤💛.
𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍🍃🇱🇰.
T.me/LittleSecretSL
hello lamayi...🌝🌻🤍

ඔයත් 24,25,26 A/l AGRI කරන
නංගියෙක්ද ,මල්ලියෙක්ද.. 😚💚☘️

එන්න... ඔයාලට agri paper එක ගොඩදාන්න
මේ පුංචි help එක අපෙන්..🌝💚

💚. Agri all short notes..
💚. agri essay
💚. agri mcq

හැමදේම free...😚💚🌻     


Join us:https://t.me/agriguru11
Forwarded from Littlesecret Button Post Maker
ආදරය කරන , ආදරය නිසා විඳවන හැමෝම එන්න කියවන්න මේක අලුත් දෙයක්😊.


ආදරය නිසා වේඳනාවෙන් ඉන්න යාලුවොන්ටත් මේක යවන්න🥺.

#RelationshipAndBreakup මේ හෑශ් ටැග් එකෙනුත් @Littlesecretsl චැනල් එකේ ආටිකල් ටික බලන්න පුලුවන්😌.

Article writer - Nandimal Edirisooriya.


𝖫𝗂𝗍𝗍𝗅𝖾 𝖲𝖾𝖼𝗋𝖾𝗍🍃🌈
A/L exam results වලින් ඔයාගෙ ජීවිතේ තීරණය වෙන්නෙ නෑ...

මුලින්ම ඔයාලා බලාපොරොත්තු වුණ ප්‍රතිඵල ලැබුණු හැම නංගි කෙනෙක්ටම, මල්ලි කෙනෙක්ටම මං හරිම ආදරෙන් සුභ පතනවා..

හැබැයි මං මේ post එක ලියන්නෙ ඔයාලා බලාපොරොත්තු වුණ ප්‍රතිඵල ලැබුණෙ නැති නංගිලා මල්ලිලා වෙනුවෙන්. මොකද මේ එක exam එකක ප්‍රතිඵල ටිකක් එහෙ මෙහෙ වුණා කියලා ඔයාලගෙ ජීවිතේ කඩා වැටෙන්නෙ නෑ. ඔයාලගෙ වචනෙන් කියනවා නම් පොඩ්ඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවනෙ. ඉතිජ් අපි බලමු ඊළඟට ඔයාලට කරන්න පුළුවන් මොනවද කියලා..

Option 01
ආයිමත් A/L කරමූ.

ඔයා exam එක අත් අරිනතාක් ඔයා fail වෙන්නෙ නෑ. ඔයා fail වෙන්නෙ ඔයා exam එක අත් ඇරියොත් විතරයි.

ගිය පාර ඔයාගෙ අතින් වුණ වැරදි මොනාද කියලා හොයාගෙන, ඒ වැරදි අඩුපාඩු මේ පාර හදාගමූ. ගිය පාරටත් වඩා මහන්සි වෙලා වැඩ කරලා මේ පාර කොහොමහරි A/L exam ගොඩදාමූ..

Option 02
German tech එකේ වගේ course එකක් කරමූ.

මේ ගැන වැඩි විස්තර කියන්න නම් මං හරියටම දන්නෙ නෑ. හැබැයි ඉස්සරහදි ඒ ගැන අනිවාර්යයෙන්ම post එකක් share කරන්නම්. ඒත් කියන්න පුළුවන් ඔයාලගෙ ප්‍රතිඵල මොන විදිහෙ වුණත් ඔයාලගෙ qualifications හදාගන්න ඒක හොඳ තෝතැන්නක් වෙයී..

Option 03
රට යන්න උත්සාහ ගමූ.

ඔයාලට යම්කිසි වියදමක් දරන්න පුළුවන් නම්, පට්ට කට්ටක් කන්න පුළුවන් නම් කොරියන් වගේ language එකක් ඔයාලට කරන්න පුළුවන්. ඒ මාර්ගෙන් ඔයාලට ඊට පස්සෙ කොරියා වගේ රටකට ගිහින් හොඳට උපයන්න පුළුවන්.

හැබැයි පට්ට කට්ටක් කන්න වෙනවලූ. හැබැයි ඔයාට හොඳට කට්ට කන්න පුළුවන් නම්, අනිවාර්යයෙන්ම ඔයාගෙ මහන්සියෙ හැටියට ඔයාට උපයන්න පුළුවන්.

Option 04
Private degree එකක් හරී professional qualification එකක් හරී කරමූ.

ඔයාලගෙ අම්මලට ඔයා වෙනුවෙන් යම් සැලකිය යුතු මුදලක් වියදම් කරන්න පුළුවන්කමක් තියෙනවා නම්, අනිවාර්යයෙන්ම මේ option එක ඔයාට වැදගත්. මොකද ඔයාගෙ A/L results පොඩ්ඩක් අවුල් වුණත්, ඔයාගෙ O/L results වලින් ඔයාලට private degree එකක් හරි professional qualification එකක් හරි කරන්න පුළුවන්.

ඒ ගැනත් අනිවාර්යයෙන්ම ඉස්සරහදි post එකක් අරගෙන එන්නම්.

Option 05
Job එකක් කරන ගමන් A/L private දාලා ගොඩදාමූ.

ඔයාලගෙ පවුලෙ ආර්ථික අපහසුතා තියෙනවා නම්, ඉතින් අම්මලට කරදර නොකර ඔයාලට පුළුවන් මේ option එකට යන්න. හැබැයි ඒක පොඩි challenge එකක්. ඒත් ඔයා හිතුවොත් ඔයාට කරන්න බැරිත් නෑ.

Company එකක පොඩි job එකක් කරන ගමන්, අතට යම්කිසි මුදලකුත් උපයන ගමන්ම ඔයාලට ඔයාලගෙ A/L exam එක ගොඩදාන්න පුළුවන්. මේක මුලදි පොඩි challenge එකක් වුණත්, ටික දවසක් යනකොට අනිවාර්යයෙන්ම ඔයාලා ඒකට හුරු වේවී..

Option 06
ඔයාගෙම business එකක් පටන් ගමූ.

ඔයාට හැකියාවක් තියෙනවා නම් යම්කිසි දෙයකට. ඔයාට හිතෙනවා නම් ඔයාට දක්ෂ ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේ වෙන්න පුළුවන් ඔයාට ලැබුණු හොඳම අවස්ථාව.

ඉතින් මතක තියාගන්න,

✍🏻 ජීවිතේ මෙහෙම අසමත් වුණ පළවෙනි කෙනා ඔයා නෙමෙයී
✍🏻 ඔයාලා, මට අපි හැමෝටම තියෙන්නෙ වෙනස් විදිහෙ කාල රාමු. ඒ කියන්නෙ පළවෙනි පාර exam ගොඩදාපු අය ඉන්නකොට, දෙවෙනි තුන්වෙනි පාර exam ගොඩදාන්න අයත් ඉන්නවා
✍🏻 එක පාරක් ඔයා අසමත් කියන්නෙ, ඔයා අදක්ෂයෙක් කියන එක නෙමෙයී
✍🏻 හැමදේම වෙන්නෙ හොඳටයි කියන දේ මතක තියාගන්න

අදම පටන් ගමූ. ගෙදර අය පොඩ්ඩක් බනියී. වටේ අයගෙන් ගැරහුම් පොඩ්ඩක් ලැබෙයී. තවත් සමහරු මෝඩයෙක් ගාණට ඔයා දිහා බලයී.. කමක් නෑ. අපි ඔය ඔක්කොම ගල් මුල් ටික එකතු කරන් හදමු ශක්තිමත් බලකොටුවක්.. අනිවාර්යයෙන්ම ඔයාට පුළුවන් ඒ දේ කරන්න. ඒ වෙනුවෙන් ඔයාට ඔයාගෙ විශ්වාසයයි කැපවීමයි විතරයි ඕන..

එන්න අපි ඔයා වෙනුවෙන් game එක පටන් ගමූ..

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..

©️ Study with Gimi