පුරුදු පාර.....
හිතට සුවයක් සොයා ඇවිදින් නිවස අසලින් පිටවෙලා
පුරුදු පාරක තනිව පාලුව හිමි හිමින් අඩි එක්කලා
මටම දැනුනට නැවත පාරෙම යන්න වේවිද පහුවෙලා
මනෝ ලෝකෙක ගිලි ගිලී මා මගෙ ගමන ඉක්මන්කලා
දිනක් අලුයම අදුරු සිතුවිලි පෙලක් මාවෙත යොමුවෙලා
හඩක් වත් නැ කිසිදු අවටන් මගෙ හිතත් ඇත ගොලුවෙලා
තිබුනු අපහසු කම් කිසිත් නෑ බලන විට මා රොදවෙලා
සිරුර තිබුනා පසෙක නිහඩව අත පයත් ඇත රලුවෙලා
වුනේ කිමදැයි හැදින ගද්දි මද වෙලාවක් ගතවෙලා
මෙතෙක් දුර මා රැගෙන ආ මගෙ ජීවිතය අවසන්වෙලා
හැගීමක් නෑ බැදීමක් නෑ සියල්ලම ඇත වෙන්වෙලා
බලා සිටියා හඩන දෙස මා මව පියා හා එක්වෙලා
මාව හදුනන සියලු දෙන ඇත නිවස අසලට රොක්වෙලා
පිදුරු පිරවපු පෙට්ටියක් තුල සිරුර ඇත දැන් තනිවෙලා
මලින් සරසපු වඩමකුත් ගෙන යහලුවෙක් ඇත මුල්වෙලා
පුරුදු පාරෙම අයෙත් යනවා පිරිස ඇත අද වටවෙලා
✍️මදුවා....

වැරැද්දක් කියන්නෙ නැ මම..!
කවියෙන් කොච්චර කරත් ආදරය පසක්..
හිතවතුනි කවියෙක් වෙන එකනම් පවක්..
පපු කුහරය කීතුකර වේදනාවන් දී මියගියත්..
ප්‍රේමිය,ප්‍රේමයේ නිමේශ එකිනෙකට වෙනස්..
💜📝ගම්භාරෙ
@ShagiFm
කවියෙන් කොච්චර කරත් ආදරය පසක්..
හිතවතුනි කවියෙක් වෙන එකනම් පවක්..
පපු කුහරය කීතුකර වේදනාවන් දී මියගියත්..
ප්‍රේමිය,ප්‍රේමයේ නිමේශ එකිනෙකට වෙනස්..
💜📝ගම්භාරෙ
@ShagiFm
අහම්බෙන් හමුවෙන
සමහර ඇස්
වැළඳගත්තෙ පපු කැවුතු
දුරස් වෙන්නම හිතාගෙන නෙවෙයි...
ගොඩක් බැඳිම් කෙටි කලකින්
අහවර උනත් ඒ මතකය
සදාකාලිකයි...
එසේ නොවුනත්...
තනි වෙන හැම මොහොතකම
හිතට එන ඇස් දෙකක්
හැමෝටම තියෙනව...
හිමි වෙච්ච ආදර කතා වලට වඩා
අහිමි උන පෙම් කතා ගැන
අදටත් කියැවෙන්නෙ...
අයිති වෙන දේට වඩා
අහිමි වෙන දේ වල අගය
කවදාවත් අඩු නොවෙන
නිසා වෙන්න ඇති...
අයිතියක් නැති හිමිකමක් නැති
ගතින් දුරස් වෙන
හිතින් විතරක්ම ලං උන...
කියාගන්නත් බැරි
නොකිය ඉන්නත් බැරි
යන්නම් කිවුවට
අතෑරල යන්නත් බැරි...
බොහෝ දුරට තනි හිතකින්
විතරක්ම පෙම් කරපු පෙම් කතා
කොච්චර ඇතිද මේ ලෝකෙ
අදටත් විඳවන...
____Writer✍ ˹ TʀAᴄy ✘ ʙʙʜ˼
@ShagiFm
සමහර ඇස්
වැළඳගත්තෙ පපු කැවුතු
දුරස් වෙන්නම හිතාගෙන නෙවෙයි...
ගොඩක් බැඳිම් කෙටි කලකින්
අහවර උනත් ඒ මතකය
සදාකාලිකයි...
එසේ නොවුනත්...
තනි වෙන හැම මොහොතකම
හිතට එන ඇස් දෙකක්
හැමෝටම තියෙනව...
හිමි වෙච්ච ආදර කතා වලට වඩා
අහිමි උන පෙම් කතා ගැන
අදටත් කියැවෙන්නෙ...
අයිති වෙන දේට වඩා
අහිමි වෙන දේ වල අගය
කවදාවත් අඩු නොවෙන
නිසා වෙන්න ඇති...
අයිතියක් නැති හිමිකමක් නැති
ගතින් දුරස් වෙන
හිතින් විතරක්ම ලං උන...
කියාගන්නත් බැරි
නොකිය ඉන්නත් බැරි
යන්නම් කිවුවට
අතෑරල යන්නත් බැරි...
බොහෝ දුරට තනි හිතකින්
විතරක්ම පෙම් කරපු පෙම් කතා
කොච්චර ඇතිද මේ ලෝකෙ
අදටත් විඳවන...
____Writer✍ ˹ TʀAᴄy ✘ ʙʙʜ˼
@ShagiFm
වසන්තයට දෙමසක් තබා ශීත සෘතුවේ පිපුනා වූ මලක්.. 🌷
වෙහෙස වී දිවි රැකගත් දෙමසක්..
හිම මතින් පිපුනා වූ ජීවයක් 🫧🌷
වසන්තයේ සැමට කලින් සිනහව රැගෙන ආ ආලෝකයක්.. 🌹🌿✨
වසන්තයේ පැමිනියා වුද සියලු දුක් දරාගෙන ⦂
ඒ වසන්ත සෘතුව පුරා බැබළුනා වූ
එක පුංචි රෝස මලක් 🌹❤️
⛬ දරාගෙන ඉන්න... ඔයාටත් පුලුවන් එක සෘතුවක ලස්සන තැනක පිපෙන්න ⦂ 🌹❤️
ʂαԃυ___✒️
@ShagiFm ☘️

පමා නොකරම සිහිලැල් සුලගට හැගිම් පාකර
එක් පෙති මලක් සේ වනයක තනිවෙන්නට හැර
අහවර කල යුතුමය මෙතනින් යනගමනක දුර
අහම්බෙන් ම හමුවීම් ඇයි මෙතරම් බර?
💜📝ගම්භාරෙ
@ShagiFm
එක් පෙති මලක් සේ වනයක තනිවෙන්නට හැර
අහවර කල යුතුමය මෙතනින් යනගමනක දුර
අහම්බෙන් ම හමුවීම් ඇයි මෙතරම් බර?
💜📝ගම්භාරෙ
@ShagiFm
මටම විතරක් අයිති❤️
ජීවිතේ මොකක්දෝ අඩුවක් දැනෙනව...
හිතට එකගව වැඩ කරන්න බැ
සමහර තැන් වලින් පැනල යනව වගෙ හැඟීමක් 😊
ඔව්, මට ඔයාව මඟ ඇරුනා
ඔයාටත් වඩා ඔයාගෙ ආදරේ... 🥰💔
ගෙවෙන හැම මොහොතකදිම ඔයාගෙ ආදරේ මතක් වෙන්න තරම් මන් ඔයාට ආදරෙ කරල ❤️
ඔව්,
මිනිස්සු දෙයක් ගැන ලියන්න ගන්නෙ, ඒ දේ නැති උනාට පස්සෙ ♡
Gҽƚhmi.....✍️

එදා දවසේ ප්‍රථම ප්‍රේමය ඔබෙ නමට මං ලියාලා
සැවොම ඉදිරියේ සගවලා එය හදේ කොනකම රැදෙව්වා
ගොලු වූ ප්‍රේමය දෙදෙන හදවත් තුලම අප රදවලා
අපි නිහඩ වෙමු සදහටම කාලයට ඉඩ තියාලා......
Yushi bby🌹💕
@ShagiFm
සැවොම ඉදිරියේ සගවලා එය හදේ කොනකම රැදෙව්වා
ගොලු වූ ප්‍රේමය දෙදෙන හදවත් තුලම අප රදවලා
අපි නිහඩ වෙමු සදහටම කාලයට ඉඩ තියාලා......
Yushi bby🌹💕
@ShagiFm
රොන් සොයන බඹරුණි...
මල් නොතලා රොන් උරන්න උඹ හරි දක්ශයි 😌
මත් වෙලා රොන් සොයලා
මල වශි කරන්, ⦂🌼
වෙන මලකට පියාඹන්නෙ 😒
දන්නෙ නැද්ද උඹ...
ආයෙත් මේ මලේ රොන් හැදෙන බව..
ඉවසීමක් නැද්ද උඹේ;
රොන් හැදෙනකල් බලන් ඉන්න ?
Sαԃυ ✒️
@ShagiFm ☘️
මල් නොතලා රොන් උරන්න උඹ හරි දක්ශයි 😌
මත් වෙලා රොන් සොයලා
මල වශි කරන්, ⦂🌼
වෙන මලකට පියාඹන්නෙ 😒
දන්නෙ නැද්ද උඹ...
ආයෙත් මේ මලේ රොන් හැදෙන බව..
ඉවසීමක් නැද්ද උඹේ;
රොන් හැදෙනකල් බලන් ඉන්න ?
Sαԃυ ✒️
@ShagiFm ☘️
මුද්දකට බෑ
බැදීමක් රකින්න...
සහතිකයකට බෑ
රැකවරණයක් දෙන්න...
ගැලරිය පිරෙව්වට බෑ
මතකයන් රකින්න...
විශ්වාසෙට විතරයි පුලුවන්
ඒ හැමදේම රකින්න...♡☺✨️💓
Writer✍ ˹ TʀAᴄy ✘ ʙʙʜ˼
@ShagiFm
බැදීමක් රකින්න...
සහතිකයකට බෑ
රැකවරණයක් දෙන්න...
ගැලරිය පිරෙව්වට බෑ
මතකයන් රකින්න...
විශ්වාසෙට විතරයි පුලුවන්
ඒ හැමදේම රකින්න...♡☺✨️💓
Writer✍ ˹ TʀAᴄy ✘ ʙʙʜ˼
@ShagiFm
#Online #Offline
මත බැදීම් රැකෙන
Last Seen මත #නඩු විසදෙන
#Stetes වල කතා කියවෙන
#Digital ලෝකෙක...
ආදරේ වෙනුවෙන් #පෙනඩෝල් බොන
අතකපා ගන්න වලි ඇදන් මරා ගන්න
මනෝ #ලෝකෙක
තනියම අඩලා
ලෝකෙට පේන්න හිනා වෙන ..
ලගදි #පන දෙන්න කතා කරලා
පිටට පිහියෙන් අනින
මිනිස්සු ඉන්න ලෝකෙක
සතුට තව ගොඩක් දුරයි කියලා
හිතුනා තනියම ඉන්න වෙලාවට...🫠🥀
Yushi bby🌹💕
@ShagiFm
මත බැදීම් රැකෙන
Last Seen මත #නඩු විසදෙන
#Stetes වල කතා කියවෙන
#Digital ලෝකෙක...
ආදරේ වෙනුවෙන් #පෙනඩෝල් බොන
අතකපා ගන්න වලි ඇදන් මරා ගන්න
මනෝ #ලෝකෙක
තනියම අඩලා
ලෝකෙට පේන්න හිනා වෙන ..
ලගදි #පන දෙන්න කතා කරලා
පිටට පිහියෙන් අනින
මිනිස්සු ඉන්න ලෝකෙක
සතුට තව ගොඩක් දුරයි කියලා
හිතුනා තනියම ඉන්න වෙලාවට...🫠🥀
Yushi bby🌹💕
@ShagiFm
ඔබ මා හමු වූ මාවත් හි,
මතක විමසමින් ඇවිද යන්නෙමි..
ඒ හා සිනාසෙන්නෙමි, ඒ හා දොඩමලු වෙන්නෙමි...
මතක තුල පන ලබමින්
යලිත් දැක ගන්නට සිහින මවන්නෙමි..
හමුවීමක් පෙනෙන දුරකවත් නොමැති මුත්
බලාපොරොත්තුවක් දී..
මා විසින් මා සිත සනසන්නෙමි.. ♡
හදවතක් ඉකිගසන හඬ ඇසේනම් එන්න.. ⛬
ඔබ මා හමුවූ මාවතෙහි කෙලවර
මතක ඇහිදින හදවතක්
ඔබ වෙනුවෙන් පන ගැහෙන සැටි දැක ගැනිමට හැකි වේවි..♡
පමා නොවන්න ඔබ දුන් රුදිරය අවසන් වෙමින් පවති.! 💔
Sαԃυ ✒️ ⦂🌼

+ ඔයා සෑහෙන්න වෙනස් වෙලා...
- ඇයි එහෙම කියන්නේ...?
+ හේතු ඇතුවයි මං එහෙම කියන්නේ...?
- ඉතිං මොනවද හේතු...?
+ ඉස්සර ඔයා ගාව තිබන ඒ ලස්සන හිනාව,
ප්‍රේමණීය බව දකින ඕනම මනුස්සයෙක් වශී වෙන ඒ ලස්සන ඇස් දෙක,
ඕනම හිතක් හරි ලස්සනට වසඟ කර ගන්න පුළුවන් ඒ අමුතු වචන,
ඒ කිසිම දෙයක් දැං ඔයා ගාව නෑ...
- ඔව්...
වෙන්න ඇති...
මිනිස්සු වෙනස් වෙනවා...
හරියට ඔයා වෙනස් වුනා වගේ...
මිනිස්සු විතරක් නෙවෙයි, කාලයක් යනකොට මේ ලෝකේ හුඟාක් දේවල් වෙනස් වෙනවා...!
+ මට පුදුමයි ඔයා ගැන...
- ඇයි...?
+ මං හිතුවේ එදා මං ඔයාව දාලා යන්න කලිං මං ගාව හිටපු ඒ ප්‍රේමණීය ආත්මය තාමත් ඔයා ගාව ඒ විදිහටම ඇති කියලා...
- ඒ ගැන අමුතුවෙන් පුදුම වෙන්න එපා...
හැමදේම වෙනස් වුනා...
දන්නවද...?
ඔයා එදා කිසිම හිතක් පපුවක් නැති මනුස්සයෙක් විදිහට ඒ ප්‍රේමණීය මනුස්සයා අතරමං කරලා යන්න ගියා...
ඔයාට ඒ තරමටම ආදරේ කරප් ඒ ප්‍රේමණීය මනුස්සයා ඔයා නැති ඒ වෙදනාව දරා ගන්නේ කොහොමද කියලා එක මොහොතකට හිතුවද...?
ඔයා නොදනවා වුනාට,
මම මං පව් කියලා හිතෙන තරමටම හැම තැනකම ඔයාව හෙව්වා...
ඔයා ආයෙමත් එයි කියලා බලාගෙන හිටපු දවස් ඕන තරම් මං පහු කරා...
දවසක් දෙකක් නෙවෙයි අවුරුදු ගානක් මං එදා නැවතිච්ච තැන ඉදලා ඔයා වෙනුවෙන් මං බලාගෙන හිටියා...
අලුත් ප්‍රේමයක් හිතට ඇතිවෙන හැම මොහොතකම ඔයා ආය එයි කියන බලාපොරොත්තුවෙන් ඔයා වෙනුවෙන් මං හීන දැක්කා...
මං මට ආදරේ කරනවට වඩා මට ආදරේ කරන්න හුඟාක් මිනිස්සු මං මඟ ඇර ගත්තා...
ඒ හැම තැනකම මං බලාපොරොත්තු වුනේ ඔයා විතරයි...
මං මාවත් අමතක වෙන කරමට ඔයාට ආදරේ කරා...
හැම දවසක්ම ඔයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරා...
යාත්තමට මගේ ඔයාගේ වගේ හිනාවක් මට ඇහෙද්දි,
මට හුරු ඒ කට හඬක් ඇහෙද්දි
ඔයාගේ රූපයට සමාන රූපයක් දකිද්දි
ඒ හැම තැනකම මම ඔයාව හෙව්වා...
ඒ තැන් වල හති වැටුනම මම කෑ ගහලා අඬපු දවස් තිබුනා...
වේදනාව කියා ගන්න කෙනෙක් මං ලඟ නෑ කියලා දැනිච්ච තැන්වල මං හුඟාක් අසරණ වුන දවස් තිබුනා...
ඒක මහ වේදනාවක්...
කොච්චර අමාරු වුනත් අපහසුවෙන් හරි මං ඒ ප්‍රේමණීය මනුස්සයව අතරමං කරලා හුදෙකලාවේ පාරේ හෙමින් සීරුවට ඇවිදින්න පටං ගත්තා...
දරාගන්න කොච්චර අසීරු වුනත් තනිකමේ අව්තෙටම මම ඇවිත් කිසිම වේදනාවක් නොදැනෙන හුදෙකලාවට මම හුරු වුනා...
හැඟීමක්වත් නොදැනෙන මනුස්සයෙක් විදිහට මං පත් වුනා...
ඔයා වෙනුවෙන් ඉතිරි වෙලා තිබුන ලස්සන හැඟීම් එකින් එක, එකින් එක දවසින් දවස
මටත් නොදිනිම හිත අස්සෙම කල් ඉකුත් වෙන්න පටන් ගත්තා...!
පුංචිම දුකකටවත් අඬන්න කඳුළු කැටයක් ඇස්වල ඉතිරි නොවෙන ගානට මම මහ අමුතු මනුස්සයෙක් වුනා...
හිනාව කියන දේ මට අමතක වුනා...
හැඟීම් මැද කියවෙන,ලියවෙන ලස්සන වචන මට අමතක වුනා....
කොටින්ම මට මාවත් අමතක වුනා...
පුළුවන් හැම තැනකම නිහඬ මනුස්සයෙක් වෙලා ඉන්න මං හුරු වුනා...
ආය අපේ හමුවීමක් බලාපොරොත්තු නොවෙන තරමට මගේ හිත මාව වෙනස් කරා...
+ මට සමාවෙන්න...
මට වෙන කරන්න දෙයක් තිබුනේ නෑ...
- ඔව්...
ඒක මම දන්නවා...
මමම මං අස්සේ හිටපු ප්‍රේමණීය මනුස්සයා මරලා දාලා නිහඬ මනුස්සයෙක් විදිහට ඉන්නවා ඇරෙන්න මටත් වෙන කරන්න දෙයක් තිබුනේ නෑ...
හැම තැනකම මං ප්‍රාර්ථනා කරේ,
කොච්චර අමාරු වුනත් අපි ආයෙමත් අහම්බෙන් හරි අපි හමු නොවේවා ! කියලා විතරයි...🙂🥀💔
🌸🖤_🌻||
____│❝🌻🍂🪄*
~__~
Writer✍ @Tracybabh
˹ TʀAᴄy ✘ ʙʙʜ˼

🥀🌸🖤
ගවුගානක් දුරක ඉදන් ලොකු විස්වාසෙකින්
උතුරන්න ආදරේ කරන හිත්,
ඕනි තරම් ඇති !
අනිත් කෙනාගෙ සතුට වෙනුවෙන් වේදනාව හංගගෙන
තමන්ඟෙ සතුට දන් දීපු හිත්,
ඕනි තරම් ඇති !
මහ ගොඩක් ආදරේ බව දැන දැනමත්
මොකක්ම හරි හේතුවකට දාලා ගිය හිත්,
ඕනි තරම් ඇති !
යන්න එපා කියලා කෑහහලා අඩද්දිත්
ඇහෙන් නැති ගානට යන්න ගිය හිත්,
ඕනි තරම් ඇති !
අයිති නෑ කියලා දැන දැනත් අතාරින්න බැරි ලෝබකමින්
මහ ගොඩක් ආදරේ කරන හිත්,
ඕනි තරම් ඇති !
මොනතරම් අමාරු දවස් ජීවිතේට ආවත්
තමන්ඟෙ ආදරේ දිහා බලාගෙන හිනාවෙන හිත්,
ඕනි තරම් ඇති !
එකම එක රූපෙකින් විතරක්ම හදවත පුරවගෙන
හිතින් විතරක් ආදරේ කරන හිත්,
ඕනි තරම් ඇති !
ආදරෙයි කියලා කෑගහලා කියන්න ඕනි වුණත්
ඒක කියාගන්න බැරුව අසරණ වුණු හිත්,
ඕනි තරම් ඇති !
අහම්බෙන් හම්බෙලා මුළු ආත්මෙටම දැණුන
සංසාරෙන් පතාගෙන එන ආදරයක් උරුම හිත්,
ඕනි තරම් ඇති !
දරාගන්න බැරිම තැන,කියාගන්න කෙනෙක් නැතිම තැන
ආදරේ වේදනාව හිතේම හංගන් පොළවට පස්වුණ හිත්,
ඕනි තරම් ඇති !
මම අදටත් කියනවා, ආදරේ හරි පුදුමයි
කදුළු උතුරන ඇස්වලට හිනාවක් ගේන
හිනාව පිරුණු ඇස්වලට කදුළු පුරවන
ආදරේ , උඹනම් ඇත්තටම තේරුම් ගන්න අමාරු මායාවක් 🤍
ඉතිම් ජීවිතේ ගැඹුරු ඇත්ත,
ආදරේ කියන්නෙ මනුෂ්‍ය ජීවිතේ අවසාන ආදර සම්බන්ධතාවට
ඒ කියන්නෙ ඔයාට ! 🌻🌟🌸
•|💙writer✍

*මං ඔයාලගෙන් ඇහුවොත් ඔයාල දැකපු ධෛර්යයවන්ත ම කෙනා කව්ද කියල*
*ඔයාල එක එක උත්තර දෙයි*
*ඔව් ඒ අයත් ධෛර්යයවන්ත අය තමයි*
ඒත්
*ඒ අයට වඩා ධෛර්යයවන්ත කෙනෙක් මං දැකල තියෙනවා*
ඒ තමයි
*ඔයාගෙ ඕන ම පශ්නයක දි කවුරු ළඟ නැතිවුනත් *ඔයා* ඔයත් එක්ක ඉන්නවා*
*ඔයාට හිනාවෙන්න,අඩන්න ඕන වෙච්චි ඕන ම වෙලාවක ඔයාට *ඔයා* ඉන්නවා*
*කතා කරන්න කවුරුත් නැතුව පාලුවෙන් ඉන්න ඕන ම වෙලාවක ඔයාගෙ තනියට *ඔයා* ඉන්නවා*
ඉදින්,
_ඔයාට ඕන ම දෙයක් දරාගන්න ඔයා එක්ක ඕන ම වෙලාවක ළඟින් ඉන්න_
_ඔයාව කවමදාවත්ම දාලා නො යන_
*_මං දකින්නෙ ධෛර්යයවන්ත විශ්වාසවන්ත කෙනෙක් විදිහට_
*
ඉදින්
*තමන්ට ඉන්න එක ම විශ්වාසවන්ත හා ධෛර්යයවන්තය වෙනකවුරුත් නො ව* *තමන් ම පමණක් බව තේරුම් ගන්න*
Writer✍ ˹ TʀAᴄy ✘ ʙʙʜ˼
@ShagiFm
*ඔයාල එක එක උත්තර දෙයි*
*ඔව් ඒ අයත් ධෛර්යයවන්ත අය තමයි*
ඒත්
*ඒ අයට වඩා ධෛර්යයවන්ත කෙනෙක් මං දැකල තියෙනවා*
ඒ තමයි
~_*ඔයා*_~
*ඔයාගෙ ඕන ම පශ්නයක දි කවුරු ළඟ නැතිවුනත් *ඔයා* ඔයත් එක්ක ඉන්නවා*
*ඔයාට හිනාවෙන්න,අඩන්න ඕන වෙච්චි ඕන ම වෙලාවක ඔයාට *ඔයා* ඉන්නවා*
*කතා කරන්න කවුරුත් නැතුව පාලුවෙන් ඉන්න ඕන ම වෙලාවක ඔයාගෙ තනියට *ඔයා* ඉන්නවා*
ඉදින්,
_ඔයාට ඕන ම දෙයක් දරාගන්න ඔයා එක්ක ඕන ම වෙලාවක ළඟින් ඉන්න_
_ඔයාව කවමදාවත්ම දාලා නො යන_
~_*ඔයාව*_~
*_මං දකින්නෙ ධෛර්යයවන්ත විශ්වාසවන්ත කෙනෙක් විදිහට_
*
ඉදින්
*තමන්ට ඉන්න එක ම විශ්වාසවන්ත හා ධෛර්යයවන්තය වෙනකවුරුත් නො ව* *තමන් ම පමණක් බව තේරුම් ගන්න*
Writer✍ ˹ TʀAᴄy ✘ ʙʙʜ˼
@ShagiFm
ප්‍රේමයේ සෙවනැල්ල
විරහවත් එක්තරා ප්‍රේමයක්
දෙහද සිතුම් අතර තනිවී මන්
අවසර නැතිද
සිහිනයෙන් වත්
විදින්නට ප්‍රේමය !
ගින්දරක් පමණමයි සිත දවන,
නුබ කොහිද ?නුබ කොහිද ?
හඩ නගා විමසන්නේ ඉල්ලන්නේ .....
නුබෙ පහස
ප්‍රේමයේ අලුගින්න.....
සිත දවන විරහව අතර පොර බදින මා නුබේ සෙවනැල්ල 😒❤
writer✍ ˹ TʀAᴄy ✘ ʙʙʜ˼

ඉතින් හිතවත,
ඔබ මා හැර ගිය දා සිට
මා ඔබ වෙනුවෙන් ගොඩ නැගූ ඒ මල් උයන
වල් බිහි වීමට ඉඩ දී බලා සිටියෙමි 🥀
ඔබ නොමැතිව එය
නැවත ගොඩ නැංවීමට ශක්තියක් හෝ
මට නොමැති බැව් ඔබ දැන සිටිය යුතුය 🥺🍂🥀
වල් බිහි වූ ඒ උයන අගුලු දා
අප සැමදා හමු වූ ඒ ගස පාමුල වල දැමුවෙමි.🍄🗝❤️
ඔබ හා සිටි ඒ සියලු මතක මල් උයනෙහි තැන්පත් කලෙමි 🔐🌏🌼
ඔබ නොමැතිව නැවතත් එහි මල් නොපිපේවි.🥀☺️
හැකි නම් මල් උයනෙහි උයන්පල්ලා වී,
මා ඔබ වෙනුවෙන් ගොඩ නැගු ඒ මල් උයනට
වසන්තය රැගෙන විත්,✨
ඇරයුම් කරන්න; මලක්වී පිපෙන්න ⦂🌼
ගස පාමුල යතුර, ඔබට භාරකරමි. 🔏❤️
Sαԃυ ✒️
@ShagiFm ☘

උදෙන්ම ඇහැරල මන් හෙව්වෙ උබව
අහ්.. මට අමතක උනා නෙ
අදට වසරක් ඔය උණුහුමෙන් ඈත් වෙලා...
එතකොට රෑ තිස්සෙ ගුලි උනේ..? 🤕
ඒක හීනයක් !
අතරමං වෙනව මගෙ හිනෙ මාව ම
වසරක් ගෙවිලත්
මගෙ හීනවලින් බහින්න හිතෙන්නෙ නැද්ද දැන්වත්..
සංසාර හුරුපුරුදුකම් වලට බැදුනාම ඕමයි 🌼🔐
තාමත් හීනෙන් පවා මන් හොයන්නෙ උඹවයි ♡⦂🌼
Sαԃυυ ✒️

ජීවිතේ හැමදාම තනියෙන් හිටපු කෙනෙකුට
ඔයා ලං වෙන්න උත්සාහ කලොත්, ❀
ඔයාට පුලුවන් වේවී
ඒ ජීවිතේට සිනහව කැන්දන්න ♡
ඒත්,
හිනාව අරන් එකම එක දවසක හරි
ඔයාට එන්න අමතක වුණොත්
යලිත් ඒ මුවග මත
හසරැල් නොරැදේවි
නමුත් ඕ නොහඩාවි
මන්ද යත් ඔබ ලංවූ ටික කාලය තුල
'තනිකම' මදකට දුරස් වූවා මිස
ඕ අතහැර නොගිය බැවින්
@ShagiFm ☘️
♡⦂❀
ඔයා ලං වෙන්න උත්සාහ කලොත්, ❀
ඔයාට පුලුවන් වේවී
ඒ ජීවිතේට සිනහව කැන්දන්න ♡
ඒත්,
හිනාව අරන් එකම එක දවසක හරි
ඔයාට එන්න අමතක වුණොත්
යලිත් ඒ මුවග මත
හසරැල් නොරැදේවි
නමුත් ඕ නොහඩාවි
මන්ද යත් ඔබ ලංවූ ටික කාලය තුල
'තනිකම' මදකට දුරස් වූවා මිස
ඕ අතහැර නොගිය බැවින්
@ShagiFm ☘️
♡⦂❀