Film Stories
110 subscribers
1 link
Download Telegram
Por Thozhil 2023කතාව ටිකක් බැලුවනම්:ඇත්තටම මේ වගේ ෆිල්ම් එකක කතාව කියාන එක හරි නෑ. නමුත් ආරම්භය කියන්නම්. දාම මිනිමැරුමක් හොයන් යන පොලිස් නවකයෙක් හා ජේෂ්ඨයෙක් . දාම ඝාතකයාව අල්ලගන්නවා නමුත් දෙන්නට හොයන මිනිමරුවම හම්බවෙනවද ? ඕං එහෙනම් බලන්නකෝ .
Adipurush 2023අධිපුරුශ් නොහොත් පළමු මිනිසා… කියන්නේ රිබෙල් ස්ටාර් ප්‍රභාස්ගේ අලුත්ම චිත්‍රපටයයි. මෙය සම්පූර්ණයෙන් ම ඉතිහාසය ගැන ලියවූ කතාවක් බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. මොකද කවුරුත් දන්න හින්දු සංස්කෘතියේ මුදුන් මල්කඩ වගේ සලකන “රාමායනය” මූලික කරගෙන නිර්මාණය වූවක්.
Neymar 2023සින්ටොයි ආකාශුයි කියන්නෙ හොඳම යාලුවො දෙන්නා මෙයාලගෙ VBS ක්ලාස් එකේදි ආකාශ්ට කෙනෙක්ට හිත යනවා ඉතින් එයාව සෙට් කරගන්න දගලන ප්ලෑන් එකේ කොටසක් විදියට මෙයාලා එක්ක එකතු වෙන නේමාර් දාන සෙල්ලම් පැය දෙකක් පුරාවටම ඔයාලට බලාගන්න පුලුවන්.. නේමාර් නිසා කොහොම කරදර වලට මූණදෙන්න වෙයිද මේ දෙන්නාට? ආකාශ්ට දෝනාව සෙට් වෙයිද මේ ඔක්ක්කොම දැනගන්න ඉතින් ඔයාලට මේක බලන්නම වෙනවා.. කතාව ස්පොයිල් වෙන නිසා ලිපිය මෙතනින් ඉවර කරනවා.. එහෙනම් මේ ආතල් ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා.
Maaveeran 2023කතාව ගැන මතක් කලොත් සත්‍යා කියන්නෙ කොමික් අඳින මුඩුක්කු නිවාසෙක ජීවත් වෙන කොල්ලෙක්.ඉතින් පරන කතාවක් වෙන ‘මාවීරන්’ කියන කතාවෙන් තමා මෙයා කොමික් අඳින්නෙ.ඒත් වැඩේ කියන්නෙ මෙයාට ජොබ් එකක් දෙන්නම් කියල රවට්ටල වෙන කෙනෙක් තමන්ගේ වගේ මේ කොමික් පත්තරේ පල කරනව.ඉතින් මේ සත්‍යා ගැන කියනවනම් වීරයෙක් ගැන කතා ලිව්වට එයාගෙ සැබෑ චරිතෙ ගොඩක් බයෙන් ඉන්න කෙනෙක්.හැමදේටම හැඩගැහෙන්න පුරුදු කෙනෙක් මිසක ආපිටට ප්‍රශ්න කරන්න හයියක් මෙයාට නෑ..ඔන්න ඉතින් දවසක් බස් එකේ යනකොට මෙයාගෙ කොමික් එක කව්ද කෙල්ලෙක් කියව ..කියව ඉන්නව දකිනව..ඉතින් එතනින් තමා මෙයාට අවස්තාවක් හම්බෙන්නෙ.මීට වඩානම් කතාව ගැන කියන්න බෑ..පුරා පැය දෙකහමාරකට වැඩි කාලයක් රසවත්ව නරඹන්න පුලුවන් කතාවක් එහෙනම් ඔයාලම අරගෙන බලන්න
Ramaiya Vastavaiya 2013රම් යනු ඔහුගේ තාත්තාගේ නම ඔස්ට්‍රේලියාවේ බිලියනපතියන් 500 දෙනා අතරේ ඇති, විශාල මන්දිරයක් තියෙන, අක්කර 100 ක වත්තක් ඇති තමන්ගේම කියලා ගුවන් යානයක් හිමි, දඟකාර විසේකාර විනෝදයෙන් සිටින මම වගේ තරුණයෙක් 😋. සෝනා යනු ගමේ පොඩි නිවසක්, අක්කර දහයේ ඉඩමක්, එ.ළදෙන්නු 25ක්, මී හරක් 10ක් කිකිලියෝ 40ක්, එළුවෝ 100 දෙනෙක් සහ ඇයට පණ දීමට තරම් ආදරේ කරන අයියා කෙනෙක් සිටින තරුණියක්. පන්ජාබ් හී කුඹුරු කරමින් ජීවත් වන සෝනා සමග රාම් හාද වෙයි. දෙමාපිය විරෝධය මැද ඔහු ඇය සොයා ගමට යයි. ඇයගේ අයියා විසින් රාම් හට අබියෝගයක් කරනවා. සෝනාව විවාහ කරගැනීමට නම් රාම් හට සෝනාගේ අයියට වඩා අස්වැන්න වැවීමට ඕන කියලා.මෙතනින් එහාට ෆිල්ම් එක ගැන මුකුත් කියන්නේ නෑ ඔයාලම බලලා දැනගන්න රාම් කොහොමද අබියෝග ජයගන්නේ කියලා
Badrinath 2011බද්‍රිනාත් කියන්නේ දේවස්ථානයක්. ඉතිං මේ දේවස්ථානය තමයි සියළු දේවස්ථාන අතරින් ප්‍රධානම දේවස්ථානය. භීෂ්ම නාරායන කියන තැනැත්තෙක් තමයි පාලනය කරන්නෙ. ඉතිං මොහු සමස්ථ සටන් කලාවම ප්‍රගුණ කරපු සහ ඒවා ශිෂ්‍යයින්ට උගන්වන ගුරුවරයෙක්.බද්‍රිනාත් දේවස්ථානය ඇතුළු සෙසු දේවාලයන් සියල්ලම ආරක්ෂා කරන්න මොහු විසින් දේවාල ආරක්ෂකයින්ව පුහුණු කරවනවා. ඒ අතරින් බද්‍රිනාත් දේවස්ථානය ආරක්ෂා කරන්න තමයි අපේ කතාවෙ වීරයා බද්‍රිට පැවරෙන්නේ. ඒවගේම ඔහු තමයි මේ ගුරුතුමාගේ ප්‍රියතම ශිෂ්‍යා වෙන්නෙත්.කටයුතු සියල්ල සාමකාමීව සිදුවේගෙන යනකොට, එක්තරා දිනයක මෙම දේවාලයට පැමිණෙන සල්ලිකාර , අහංකාර කෙල්ලෙක් බද්‍රිනාත් දේවස්ථානයේ පහනක් නිවනවා හැමෝම ඉස්සරහා අහංකාරෙන්. මේක දැකපු බද්‍රි, ඇයව උස්සා අසල වූ ගංඟාවට විසි කරනවා පාලමක් උඩ ඉදලා.ඒ පහණ නිවා දැමුවාට ඇයට පහන් ලක්ෂයක් දල්වන්නත් වෙනවා. ඉතිං ඔහොම යනකොට ඇයට බද්‍රි කෙරෙහි ආදරයක් හට ගන්නවා. නමුත් යම් සිදුවීමක් නිසා බද්‍රිව ඇයට නොලැබෙන තැනට කටයුතු වෙනවා. නමුත් මේ දේවස්ථානයේ යම් පිළිවෙතක් තියෙනවා, ඒ දේ කලාම තමන්ගෙ සිතේ තියෙන දේ ඉටු වෙනවා. මේ කටයුත්තෙ නිරතවෙමින් සිටින කොට තමයි ඒ කෙල්ලගෙ (ආලකනන්දා) පසුබිමෙ ඉන්න චරිත එළියට එන්නේ. මැයගෙ නැන්දනිය බලෙන්ම මැයව ඇයගෙ පුතාට කසාද බන්දන්න තමයි උත්සහ කරන්නේ.බොහෝ මැරයන් සිටින නැන්දනිය, සර්කාර් නම් ප්‍රසිද්ධ මැරයෙක්ගෙ බිරිදක්. ඉතිං බද්‍රිනාත් වෙතත් මේ මැරයින් ළගා වෙනවා. ඊට පස්සෙ බද්‍රිත් මේ දේවල් වලට පැටලිලා බොහෝ සිදුවීම් වන්නට ගන්නවා. පසුව බද්‍රිව අභිබවා නැන්දනිය විසින් මැයව අරන් යනවා.කාලය ගෙවෙනවත් එක්කම ආලකනන්දාත් ඇයව යළිත් නැන්දනියගෙන් මුදාගන්න බද්‍රි එයි කියලා බලන් ඉන්නවා. නමුත් බද්‍රි දන්නෙ නෑ ඇය ඔහුට ආදරය කරන බක්වත්. ඒවගේම ගුරුතුමාද බද්‍රිට ආලකනන්දා එක්ක සිටින එකට කැමැත්තක් දක්වන්නෙ නෑ. බද්‍රි ඉතිං ගුරුතුමා කියන ඕනෙම දෙයක් කරන කෙනෙක්.ඉතිං මේ සිරකාර ආලකනන්දාව මුදාගැනීමට රණශූර බද්‍රි හට පුළුවන් වෙයිද?
Sur: The Melody of Life 2002වික්‍රමාදිත්‍ය සිං කියන්නෙ ජනප්‍රිය සංගීතවේදියෙක්, ගායකයෙක්. සංගීත පාසලක් පවත්වාගෙන යනවා. දවසක් වික්‍රම්ට දකින්න ලැබෙනවා, පල්ලියක ගීතිකා කියමින් සිටින ටීනාව. දුප්පත් තරුණියක්. ඇගේ දක්ෂතාවය හඳුනාගන්න වික්‍රම් ඇයව තම පාසලට එක්කන් යනවා. ඔහුට ඕනෙ ඇයව ස්ටාර් කෙනෙක් කරන්න. ඔහුට ඕනෙ ඇයව තව වික්‍රමාදිත්‍ය සිං කෙනෙක් කරන්න. නමුත් ඇය තමන්ටත් වඩා සංගීතයට දක්ෂ වේගෙන එනකොට, වික්‍රම්ට ඇය ගැන ඊර්ෂ්‍යාවක් ඇතිවෙනවා. ඔහුගේ මේ ඊර්ෂ්‍යාව ඔහුව කොහේට අරගෙන යයිද? ඔහු ටීනාගේ දෙයක් හොරකම් කරනවා. ඒ මොකක්ද? උත්තරය = Sur. සියලු දේ අමතක වෙන මන මෝහනීය සංගීතයක් සමග හෝරා දෙකක් ගත කරන්න ආරාධනා කරනවා. ඒ වගේම පරිස්සම් වෙන්න, අවාසානයේදී ඔබ නොදැනුවත්වම ඔබේ ඇසට කඳුළක් උණනු නොඅනුමානයි.
Medal (2023)කතාව කෙටියෙන් කිව්වොත්, චිත්‍රපටය පටන් ගන්නෙ රාජා නමැති නමගිය මැරයෙක්ව අල්ලන්න යන පොලිස් බල ඇණියකින්. කවුද මේ රාජා? ඔහු ඉස්සර රාජ්වීර්, දිවීමට උපන් හපන්කම් ඇති ග්‍රාමීය තරුණයෙක්. හැබැයි ඔහුගේ කන් ඇහෙන්නෙ නෑ. ඒත් ඔහුට විශේෂ හැකියාවක් තියෙනවා. කෙනෙකුගේ තොල් සෙලවෙන හැටි බලලා කියන දේ තේරුම් ගන්න පුලුවන්. මේ නිසා අනිත් අය එක්ක හොඳට කතා කරන්න පුලුවන්. ඒ නිසා කවුරුත්ම දන්නෙ නෑ ඔහු බිහිරියි කියලා. මේ රාජ්වීර්ගෙ එකම හීනය තමයි ජාතික තලයේ පදක්කමක් ලබාගැනීම. ඔහු ක්‍රීඩා පාසලට ඇතුලත් වෙනවා. එහි ධාවන ශූරයා වන්නේ ධනවත් අහංකාර ක්‍රීඩකයෙක් වන අංගද්. පදක්කමක් දිනන්න හැකියාව විතරක් මදි සල්ලිත් ඕන කියල හිතන පොරක්. රාජ්වීර් තමාට පැහැදිලි තර්ජනයක් වන බව තේරුම් ගන්නා අංගද් වියරු වැටෙනවා. ඒ වියරුවෙන් රාජ්වීර්ගේ ජීවිතය කණපිට හැරෙනවා. ඒ කොහොමද? රාජ්වීර්ගේ පදක්කම් සිහිනය සැබෑ වෙයිද?
One friday night (2023)ඔන්න එහෙනම් JSB යාළුවෝ හැමෝටම මම අලුතෙන්ම ආපු සුපිරියක් අරගෙන ආවා..මේකට රංගනයෙන් දායක වෙන්නේ ඉස්සර කාලේ සුපිරි නිළියක් වුණ රවීනා තන්ඩන්..එයාව අපිට ෆිල්ම් එකකින් බලන්න හම්බෙන්නේ කාලෙකින්..ඉස්සර වගේම තමයි ඒ හැකියාව එහෙම්ම තියෙනවා..එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..ලතා වර්මා කියන්නේ ඩොක්ටර් කෙනෙක්..එයා කසාද බැදලා ඉන්නේ රාම්ව..ඉතින් රාම් ලතාට බිස්නස් මීටින් එකක් කියලා බොරු කියලා එයාට වඩා ගොඩක් ලාබාල නිරූ කියන එයාගෙ අනියම් පෙම්වතිය හම්බෙන්න යනවා..ඉතින් මෙයාලා දෙන්නා ඈත කදුකර පලාතක තියෙන බංගලාවකට තමයි යන්නේ..ඉතින් එහෙදි නිරූ රාම්ට කියනවා එයා ප්‍රෙග්නට් කියලා..ඉතින් මේ රාම් මේක අහලා ගොඩක් සතුටු වෙනවා..මෙහෙම සතුටින් ඉන්නකොට තමයි මෙයාලට ලොකු ගිනි ගෙඩියක් පාත් වෙන්නේ..මම එතනින් එහාට මුකුත් කියන්න යන්නේ නෑ..කාට ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙයිද ? මෙයාලගෙ ඉරණම කොහොම විසදෙයිද කියලා බලන්න කට්ටියම ෆිල්ම් එක බලන්න..එහෙනම් තවත් සුපිරියක් අරගෙන ඉක්මනට එන්නම්..හැමෝටම බුදු සරණයි..තව දෙයක් කියන්න ඕනේ අනියම් ඇසුරක් පවත්වන්නේ බලාගෙනයි කට්ටිය..ඒ මොකද කියලා මේ ෆිල්ම් එක බැලුවම හැමෝටම තේරෙයි..
【DairyNZ.VIP】නිවසේ සිට චිත්‍රපට නරඹා ක්ලික් කිරීම් කිහිපයකින් මුදල් උපයන්න; විපාක පහත පරිදි වේ:0.2 USDT ලබා ගැනීමට සෑම දිනකම පුරන්න. ඉහළම ත්‍යාගය 999USDT වේසාමාජික ආයෝජන - ගව ව්‍යාපෘතිය 💎අවම ආයෝජන ව්‍යාපෘතිය 10 USDT වන අතර දෛනික ආදායම 10% = 1 USDT වේ.සාමාජිකයින්ට ආරාධනා කරන්න තුන් මට්ටමේ නියෝජිත A ත්‍යාග 8%+B ත්‍යාග 5%+C ත්‍යාග 2%=15% ත්‍යාගඋසස් වීමෙන් පසු මාසික වැටුප ලබා ගන්න; ආයෝජන කණ්ඩායම (120-3000+ පුද්ගලයින්) වෙත ළඟා වූ විට, ත්‍යාග (50USDT-2,000USDT) කොමිස් මුදල මාසිකව පියවා ඔබේ TRC-20/USDT මුදල් පසුම්බියට මාරු කරනු ලැබේ.වැඩි ආදායමක් ලබා ගන්නේ කෙසේද, tiktok, facebook, Messenger, Twitter, ICQ, Gaga, IMVU යනාදී වෙනත් වේදිකාවලට තැපැල් කරන්න.ආරාධනා සබැඳිය: https://dairynz.vip/DCh558ආරාධනා කේතය: 9050264ටෙලිග්‍රාම් පාරිභෝගික සේවාව: https://t.me/DairyNZ555විදුලි පණිවුඩ සමූහය: https://t.me/DairyNZ888