CYBER TRICKS ⚡️
4.37K subscribers
376 photos
40 videos
49 files
335 links
If you are someone who wants to be secured in the cyber world, you have come to the right community.

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️ is your security in the cyber world✨

✹LINK
✹ADS: https://adsly.me/cybertricks_sd
✹CONTACT @adsithumbot
Download Telegram
සිංහලෙන් හෙන දිග post එකක් ටයිප් කරලා bold කරන්න ඔක්කොම select කරද්දි වැරදිලා අකුරක් එබිල ඔක්කොම clear වෙලා ඒ අකුර විතරක් ඉතුරු උනාම දැනෙන හැඟීම විඳල තියන අය ඉන්නවද😒
අද දවසට දාන්න ඉඳපු එකත් එහෙම්ම clear උනා ප්‍රෙන්ස්😖😒
💔38😢12😁2☃1💯1🤣1💊1
This media is not supported in your browser
VIEW IN TELEGRAM
WEVIDEO - SIMPLE ONLINE VIDEO EDITOR

Create videos like a pro in no time. Add features like green screen to create a high-budget image without cost or hassle.

Edit videos with zero wait time to load. Choose from a variety of formats to stand out on social media, the web, and mobile devices.

LINK : https://www.wevideo.com/

Also available on Google Play and App Store. Over 30 million users.

#software
#webtool

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
❤6🔥2
😁7
HOW TO AVOID FROM P ORN ADDICTION

✶ Tech tips විතරයි කිව්වා හෑලි ලියන්නෑ කිව්ව ඩයල් එක ඇයි මේ පත හෑල්ලක් දාලා.. 🤔

ලොකුම හේතුව වෙන චැනල් එක්ක ලමයෙක් දාලා තිබුන ප්‍රශ්නයක්  නිසා සහ ඇත්තටම ඒක මට ලොකු අවුලක් දැනුනා ඒක කියවද්දි. 
ඉස්සර වගේ ලමයිංගේ ප්‍රශ්න වලට උත්තර දෙන එක නැවැත්තුවත් මේක දැක්කම නොදී ඉන්න හිතුනෙම නෑ.

ම්ම් හරි.අමුතුවෙන් නම් කියන්න දෙයක් නෑ ඉතින් මේ p ornography ගැන. මම දකින විදියට දැනට තියන ලොකුම සමාජ ප්‍රශ්නයක්. ඊටත් වඩා මේ ලිංමැඩි මානසිකත්වයක් තියන අපේ රටේ අනික් රටවලට සාපේක්ශව  මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තියනවා.. ඉතින් ඔයත් p ornography වලට addict වෙලා නම් මේකෙන් ඔයාට පොඩි හරි push එකක් ලැබෙයි කියල හිතනවා සහ ඔයාලගේ අදහස් බලාපොරොත්තු වෙනවා...

අවසානය වෙනකම්ම කියවන්න🙃

✶ මොකක්ද මේකෙන් ගැලවෙන්න කරන්න පුලුවන් ලේසිම දේ. 🥺

මට නම් හිතෙන හොඳම දේ තමා p orn ගැන ටිකක් ඔයාල තනියම හිතන්න ඕනි. මොකද අපේ හැඟීම් වලටයි පුරුද්දටයි තව මොනවහරි දෙයක් නිසයි ඒ දේ අපිට ඕන උනාට ඔයා සන්සුන් වෙලාවක හිතලා බැලුවොත් ඇති දෙයක් නෑ. සුද්ද සිංහලෙන් කිව්වොත් ඩබලක් එනවා කතා කරනවා රෙදි ගලවල අර සත්තු දෙන්නෙක් වගේ දඟලලා වීඩියෝ එක ඉවර වෙනව. ඉතින් ඒක එකක් දෙකක් දැක්කම ආයේ අනික්වගෙත් තියෙන්නෙ ඕකම නේද. අනික් catagry වලත් ඒ theme එකට අදාලව එකම දේ. එකක් දෙකක් බලල ආයෙත් ඇයි ඒ දේම ඕනි වෙන්නෙ. හිතන්න තවත් ඔයාට ඒ දේවල් ඕනිද.. මොලයක් තියන මිනිහෙක් හැටියට ඒකාකාරි දෙයකට මෝහොනය වෙන්න ඕනිද ඔයා. ඕනිම දෙයක් ඒකාකාරි උනාම එපා වෙනවනේ ඉතින්. මේකත් එපා වෙයි ඔයාව තේරුම් ගත්තොත්.
මම බලනවද අහන්න එපා. මම බලන්නේ නෑ. මොකද ඇත්තටම මට දෙකක් තුනක් බලද්දි එපා උනා. බලන්න අමුතු දෙයක් නෑ මට.

✶ මොන මෝටින් එක ගහලත් තමන්ව පාලනයක්ම කරගන්න බැරි නම් Mk😢

1) ඔයාට පුලුවන් p orn blocker app එකක් දාගන්න. ඒක ලොකු උදව්වක් වෙයි. ඔයාට කිසිම p orn site එහෙකට access කරන්න බෑ blocker එක active වෙලාවට.
ratings අනුව හොදම app එකේ link එක පහල ඇති.

BLOCKER X

2) p orn addiction වලටම වෙන් උනු productivity app එකක් use කරන්න පුලුවන් ඔයාට. ඒකෙන් වෙන්නෙ අර මම මුලින්ම කිව්ව කාරනයට ඔයාට උදව්වක් වෙන එක. මට මහ විස්තරයක් කියන බෑ ඒ ගැන මොකද මම use කරලා නැති නිසා.. ඔයාලට use කරලා බලන්න පුලුවන්. play store එකේ snap වලින් යම් අදහසක් ගන්න පුලුවන් වෙයි.

ESSENCE-quit porn addiction

3) ඔයාට පුලුවන් ඔයාගේ Web browser එකට porn blocker extension එකක් add කරන්න. ඒක app එකට වඩා ඵලදායි වෙයි. මොකද ඔයා මොන site එකට ගියත් යන්නෙ browser එකෙන්. මේ extension එකෙන් ඒ අදාල site block කරනවා.. ඒ නිසා ඔයාව පාලනය කරගන්න පුලුවන් වෙයි. හැබැයි extension add කරන්න බෑ android වල.

netfencer-porn-block

4) p orn එකක අවශ්‍යතාවය දැනීගෙන එනකොට ඔයාට ඉක්මනට පුලුවන් වෙන දේකට හිත යොමු කරන්න phone එක off කරන්න නැත්තම් ඉක්මනට එලියට ගිහින් වටයක් ඇවිදින්න. ගෙදර කාත් එක්ක හරි කතා කරන්න වගේ දෙයක් කරලා ඒක මග හරින්න පුලුවන්. ( මම හුඟක් අවුල් ගිය වෙලාවට දත් මිටි කකා මනෝ පාරක් ගහන ගමන් ගේ වටේ ඇවිදිනවා. ඊට පස්සේ fresh mind එකකින් වෙන වැඩක් කරන්න පුලුවන්. try කරල බලන්න)

5) ඔය උඩ තියන මොන විදියකින් හරි ඔයා පොඩියට හරි අඩු කරගත්ත නම් පුලුවන් තරම් කාලයක් නොබල ඉන්න. එතකොට addiction එක නිකංම ඇරිලා යයි. ඊට පස්සේ stress වෙලාවකට වගේ බැලුවට එහෙම ඉඳල හිටල බැලුවට මහ ප්‍රශනයක් වෙන එකක් නෑ. ඒත් ආයෙත් addict වෙන්න දෙන්න එපා.

✶අමතර කතාවක් 🫰

s ex chat. මම දකින විදියට couple එකක් අතර උනත් නොතියෙන්න ඕනි දෙයක්. මම කියන්නේ මේකට ඇබ්බැහි වෙන එක ගැන. මොකද ආදරේ සම්පූර්නෙන්ම නැති වෙන්න පුලුවන්. මුලින් ආදරෙන් ගිටපු කෙනා අන්තිමට s ex පස්සෙන් දුවද්දී s ex නැති වෙලාවට කෙල්ලව $සියක් වෙන තැනට එයි. ඔයාගේ එයා එහෙම නැති උනාට එයා ඇතුලේ ඉන්න සතා එලියට ආවොත් හික් ගෑවෙනවා ලමයි. ඒ නිසා කෙල්ලනේ තමන් ගැන දැන්වත් වගකීමක් නැති ඉදිරියක් නොදකින අමනුස්සයෙක් කියල දැනෙනව නම් දැන්ම අයින් වෙන්න. මොකද අවුරුද්දක් දෙකක් උබ වෙනුවෙන් ඉවසන්න බැරි එකෙක් ජීවිත කාලයක් උබත් එක්ක ඉන්නේ නෑ. හිටියත් වහලියක් වෙන්න වෙයි තිරිසනෙක්ගෙ. 💔

මේවා මේ චැනල් එකේ කතා කරන්න දේවල් නෙමෙයි. ඒත්. අනේ මන්දා. අන්ධ සමාජයක අපි ජීවත් වෙන්නෙ.


මෙතන නැති තව ක්‍රම ඇති. මේ article එකේ අඩු පාඩු ප්‍රශ්න ඇති. වෙන ප්‍රශ්න ඇති. ඒ හැම දේකටම discussion එක විවෘතයි. ඔයාලගේ අදහස කියාගෙන යන්න ඒක මට ලොකු දෙයක්. වැදගත් වෙයි කියල හිතෙනව නම් යාලුවෝ අතර share කරන්න.

ඉතින් හැමෝටම ජය🫰

#FromMy❤️

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
👍29❤22🔥3❤‍🔥2💔2👏1
FOREST-STAY FOCUSED, BE PRESENT

මේක නම් හුඟ දෙනෙක් දන්න පට්ට App එකක්.  මේක phone addiction එක අඩු කරලා තමංගේ අනික් වැඩකට සම්පූර්ණ අවධානය දෙන්න පුලුවන් කරවන app එකක්.. තේරුනේ නෑනේ😒

✶ මේකේ තියනව timer එකක්. හිතන්න ඔයාට ඕනි පැයක් වැඩ කරන්න. ඒත් phone එක ගන්නම හිතෙනව කියල. එහෙනම් මේ timer එකේ පැයක් විදියට වෙලාව තියන්න. ඒකරල strict mode ඔන් කරල ඔයාව නොමඟ යවන app ටික තෝරන්න.
එතකොට ඔයාට ඕනි උනත් නැතහ් පැයක් යනකම් ඒ app එක open වෙන්නේ නෑ. ඉතින් ඔයාගේ අවදානය කැඩිලේ කාලේ විනාස් වෙන්නේ නෑ..

✶ මේකේ timer එක 10min - 120min වෙනකම් range එකක තියනව. එක දිගට පැය දෙකක් ඔයා වාඩ කරොත් ගස් හතරක් වවන්න පුලුවන්. දවස අවසානයේ ඔයා කොච්චර වෙලාවක් ඔයා වැඩ කරාද කියලත් ඔයා කොච්චර ගස් වවල තියනවද කියල බලාගන්න පුලුවන්. මේකේ ලස්සන magical trees ගොඩක් තියනව. පාඩම් කරන්න ආස හිතෙන app එකක්.

✶ ඔයා පාඩම් කරන වෙලාව අනුව ඔයාට මේකේ coin ලැබෙනව. ඒවගෙන් ඔයාට තව trees unlock කරගන්නත් පුලුවන්.

⛦ හොඳම දේ ඔයාලගේ යාලුවොත් එක්ක පාඩම් කරන්න පුලුවන්. ඔයාගේ යාලුවොන්ව එකතු කරගෙන ඔයාට room එකක් create කරල ඔයාගේ යාලුවොන්ට යවන්න පුලුවන්. එත්කොට ඔයාට යාලුවොත් එක්ක එකට වැඩ කරන්නත් පුලුවන්.

පාඩම් කරන අය phone එක නිසා පාඩම් කරගන්න බැරි අය phone එකට addict උන අය මේ app එක try කරල බලන්න.

play store එකෙන් ගත්තොත් pay කරන්න ඕනි. පුලුවන් අය pay කරල premium active කරගන්න. හැමෝටම එහෙම බැර් නිසා premium app එක පහලින් දන්නම්. (virus free)

Reaction වත් දාන්න ඉතින්.🥹


#LIFEHACK
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
❤48🔥7⚡4👍2🥰2🤩2👏1
Forest_v4.70.0-BETA1__Pro_.apk
194.9 MB
🔥9🥰4👍1
CYBER TRICKS ⚡️
FOREST-STAY FOCUSED, BE PRESENT මේක නම් හුඟ දෙනෙක් දන්න පට්ට App එකක්.  මේක phone addiction එක අඩු කරලා තමංගේ අනික් වැඩකට සම්පූර්ණ අවධානය දෙන්න පුලුවන් කරවන app එකක්.. තේරුනේ නෑනේ😒 ✶ මේකේ තියනව timer එකක්. හිතන්න ඔයාට ඕනි පැයක් වැඩ කරන්න. ඒත් phone එක ගන්නම…
FOREST එක pc එකට දාගන්න විදිය ඇහුව අයට !

emulator අරව මේවා නොද browser එකේ run කරන්න පුලුවන් extension මේක. යට දාලා තියන link එකෙන් ඒක browser එකට add කරගන්න.
extension එකේ පෙන්නන්නේ clock එක විතරයි. setting icon එක click කරාම site එකට redirect වෙයි. එතනින් ඔයාලගේ profile එක manage කරගන්න පුලුවන්.

LINK : https://chrome.google.com/webstore/detail/forest-stay-focused-be-pr/kjacjjdnoddnpbbcjilcajfhhbdhkpgk?hl=en

#LIFEHACK
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
❤6❤‍🔥2👍1🔥1🥰1
අපි මේ චැනල් එකත් PRIVATE කරා කොල්ලනේ..
අපේ කලින් link එක අද ඉඳන් වැඩ නැති වෙයි.

අපේ අලුත් link එක
https://t.me/+OB7YUN58_041OGU1 මේක. ඔයාලගේ චැනල් වල share කරලා support එකක් දෙන්න 🌚♥️
❤6👍1🔥1🥰1
HOW TO SECURE YOUR LOST PHONE REMOTELY !

ඔයාගේ android 4n එක කොහෙ හරි නැති වෙලා හරි ඔයාට කොතන හරි අමතක වෙලා හරි ආව කියල හිතන්න.. එක්කෝ යාලුවෙක් අතේ හරි. එතකොට මොනවද කරන්න පුලුවන්. ඔක්කොටම කලින් මේක කරල බලන්න. හැබැයි 4n eke data on වෙලා තියෙන්න ඕනි.


1. වෙන device එකකින් Google Account page එකට යන්න. නැති උන 4n එකේ තිබුන google account එකට log වෙන්න. (වෙන කෙනෙක්ගෙ device එකකින් නම් යන්නේ ignito tab එකකින් යන්න)

2. Security section එකේ "Your devices" option එකට යන්න..
එතන ඔයාගේ devices වලට යටින් "Find a lost device" click කරන්න.

3. උඩ තියනවා වගේ interface එකක් බලාගන්න පුලුවන්. location on කරලා තිබුනා නම් 4n එක තියන තැන හොයාගන්න පුලුවන්. ලඟ පාතක නැති උනා නම් ring කරල බ්ලන්න පුලුවන්.
password එකකින් lock කරන්න හෝ device එක erase කරලා දාන්නත් පුලුවන් ඔයාට එතනින්.

4. account එකේ password එක change කරන්න කෝකටත් වැඩි ආරක්ෂාවට.

යාලුවො අතරෙ share කරන්න වටිනව නම්.👉👈

#lifehack
#security

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
❤13🔥7👍3❤‍🔥1🥰1
★ Cross promotion කරන අය එන්න. (4K+)

@adsithumbot
WHAT IS THE EASIEST WAY TO CONVERT IMAGE TO PDF!

ඔයාට pdf එකක් හදාගන්න ඕනි උනොත් ඔයා mk🤔
app එකක් install කරලා ad බල බල හෙන කට්ටක් කනවනේ.. ඊටත් වඩා telegram එකේ note එකක් එහෙම pdf එකට convert කරගන්න ඕනි උනොත් mk. 🤔

ආයේ මේ මේ telegram bot ව use කරන්න. ඔයාට කරන්න තියෙන්නෙ අවශ්‍ය පිලිවෙලට ඔයාට ඕනි images ටික bot ට forward කරන්න විතරයි. pdf එක ඔයාට ලැබෙයි. try කරල බලන්න. 🌚

LINK : @ImageToPdfRobot

#Lifehack
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
❤10👍2🔥2🥰2
HOW TO USE YOUR PC AS A Wi-Fi ROUTER 💻

ඔයා dongle එකකින් internet යන ගමන් ඔයාගේ 4n එකට හෝ ගෙදර අයට Hostspot දෙන්න පුලුවන් කියල දැනන් හිටියද🤔

Wi-fi use කරන ගමන් උනත් ඔයාට ඒකෙන්ම තව කෙනෙක්ට hotspot දෙන්න පුලුවන්. (ANDROID වල එහෙම බෑ)

✅ Click "Start" - "Settings" - "Network and Internet" — "Mobile Hotspot".
(දැනටමත් device name , password register වෙලා තියෙයි.. ඕන්නම් EDIT වලින් වෙනස් කරගන්න පුලුවන්)

✅ Switch the button to "On" mode (Share your internet connection with other devices).

(This feature is only available on win 10)

Done❗️ Use it and share.

#LIFEHACKS

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥12🥰2❤1👍1🤣1
HOW TO DISABLE APPLICATION AUTO LOADING.

හුඟක් අය නොදන්න වැදගත් trick එකක්😌

PC startup එකේදි , Wifi on කරහම සමහර අනවශ්‍ය app background run වෙන්න ගන්නවා. ඒ නිසා සමහර වෙලාවට PC එක slow වෙලා lag වෙන්න ගන්නවා. අනිවාරෙන් ඕක වෙලා ඇති. ඒත් දැනන් හිටියද autoload උනු programs close කරන විදිය.🤔👇

1. Task Manager ඒකට යන්න. (Ctrl + Shift + Esc)

2. Startup tab එකට ගිහින් අනවශ්‍ය program disable කරන්න.

❗️අනවශ්‍ය program විතරක් disable කරන්න.

#TRICKS

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥4❤2👏2
ඔයාලගේ smart phone එකේ battry life එක රැකගන්න මේ tips පිලිපදින්න! 😌

● 0%-100% වෙනකම් එක දිගට charge කරන්න,
රෑට charge එකට ගහල නිදාගන්න,
charge කරන්න phone එක off වෙනකම් ඉන්න, එපා!

● phone එක 20% ට අඩු නොවී 40% ත් 80%ත් අතර charge කරන්න.

● Battery usage  වැඩි app මොනවද බලල ඒවා background close කරලා දාන්න.

● Brightness අඩු කරල තියාගන්න. (ඔයා ඉන්න තැන ආලෝකය අනුව අඩුම brightness එකක් තියාගන්න බලන්න)

● එක දිගට ගොඩ වෙලාවක් battry usage සාපේක්ශව වැඩි වැඩ කරන්න එපා. අවශ්‍ය වෙලවට විතරක් fast charging option එක use කරන්නත් අමතක කරන්ම එපා.

● manual එකේ තියන instructions ඒවත් පිලිපදින්න (battryට අදාලව විතරක් නෙමෙයි)

● phone එක charge කරන වෙලාවට පුලුවන් හැම වෙලාවකම එක්කො phone එක off කරලා තියන්න. නැත්තම් airplane mode ඔන් කරල තියන්න. (charge කරන වෙලාවටවත් වහල් බාවෙන් මිදෙන්න බලන්න👉👈)

● phone එක උශ්නත්වය වැඩි තැන් වල තියන්න එපා. විශේශයෙන් charge කරන charge කරනකොට phone එකේ cover අයින් කරනව නම් එක තවත් හොඳයි.

● data,wifi,hostspot off කරල charge කරන්න.


Reaction එකක්වත් දාන් යන්න ඉතින්🥱

#LIFEHACK
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
👍111❤16🥰14🔥9👏4👌3🌚3🎉1
ඔයාලා දන්න invest නොකර e money හොයන්න පුලුවන් sites එහෙම දන්නව නම් කියාගෙන යන්න. ගොඩක් අයට ඒක ලොකු උදව්වක් වෙයි. ඔයාලගේ refferl හරි හලන් යන්න.
ඔයාලා දන්න වෙන විදි තියනව නම් ඒවත් කියන් යන්න.

ඔයාලා පුලුවන් නම් link දාගෙන යන්න

#Not4me
🥰2❤1
MALLOCKER.B RANSOME ☹️

ඔක්කොටම කලින් බලමු ransomeware එකක් කියන්නෙ මොකක්ද කියල..
කෙටියෙන්ම කිව්වොත් ඒකෙන් වෙන්නේ ඔයාගේ සියලුම data වල ( photo video app voice music හැම මගුලම) file extension එක වෙනස් වෙලා encrypt වෙනවා. ( ex:myimge.jpg➤myimage.jpeg.cfdf / extension එක වෙනස් කරා කියල වැඩක් නෑ ආයේ)


හුඟක් ransome infect වෙන්නෙ windows වලට උනාට මේක infect වෙන්නේ ANDROID වලට.☹️
මේකෙන් ඔයාගේ data ඔක්කොම encrypt කරල bitcoin වලින් සල්ලි ඉල්ලනව නොදුන්නොත් සියලුම data internet එකේ publicly share කරනව කියල. ඔයාට එහෙම උනොත්?

මේකේ හොඳම වැඩේ pc එකේ ransome එකක් ආවම අපි hard එක format කරල හිත හදාගන්නවා. ඒ උනාට මේකේ ඒ වැඩේ හරියන්නෙත් නෑ🥲 4n eka reset කරාට හරියන්නේ නෑ.ඒ නිසා,

playstore එකෙන් ඇර app net එකෙන් දාගද්දි පරිස්සමින්.
හුඟක්ම crack/obb/mod වලින් තමා malware එන්නේ. ඒ නිසා සල්ලි ගෙවලා ගන්න තියන app සල්ලි ගෙවලා හෝ ඒ වෙනුවට තියන free app පාවිච්චි කරන්න.. නැත්තම් සල්ලි දීලම ගන්න. යාලුවෝ tg channel වල දාලා තියන ඒවා දාගන්නත් එපා😒

අද post එක දික් උනානේ. post එක කොහොමද. react එකක් දාන් යන්න🙃

#security
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥32👍12🤔3🥰2❤1
HOW TO BYPASS CAPTCHA 😲

Captcha ගැන අමුතුවෙන් කියන්න ඕන්නෑ කියල හිතනවා කාටවත්. ඔයාලා site වල ඕනි තරම් captcha solve කරලා ඇති. ඉතින් ඔය මලවාතේ එක click එකකින් auto solve වෙනව නම් කොහොමද..😎

කරන්න තියෙන්නෙ BUSTER EXTENSION එක ඔයාගේ borwser එකට add කර ගන්න එක.
ඒකරල captcha එකකට ගිහින් im not robot කියන එකට tick එක දාන්න. auto solve වෙයි. 🥱

❗️Link: click here

REACT & SHARE
#Lifehack

𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥14❤5👍3
Stress උනාම, ලොකු දුකක් දැනුනම ඔයාලා මොකද කරන්නේ? 🤔
comment කරන් යන්
🤔9😢3
CYBER TRICKS ⚡️
Stress උනාම, ලොකු දුකක් දැනුනම ඔයාලා මොකද කරන්නේ? 🤔 comment කරන් යන්
Stress release game ටිකක් දාන්න ගියේ😪 මේ පරලොග් එකට coverage නෑ. රෑ වෙලවත් දාන්නම් guys☹️
🔥13😁2
This media is not supported in your browser
VIEW IN TELEGRAM
HOW TO UPSCALE AND ENCHANCE IMAGES WITH AI !

ඔයාලා ගාව තියන quality loss උන අපැහැදිලි photos වල resolution එක FREE වැඩි කරගන්න පුලුවන් Site එකක් මේක. Try කරලා බලන්න.

Works with PNG, JPEG, JPG and WEBP formats.

✹ https://www.upscale.media

#WebTool
𝘾𝙔𝘽𝙀𝙍 𝙏𝙍𝙄𝘾𝙆𝙎 ⚡️
🔥5👍2❤1