Animost LK - සිංහල හඩකැවූ ඇනිම් චිත්‍රපට
4.85K subscribers
63 photos
4 videos
13 links
- සිංහල හඩකැවූ ජපන් ඇනිමේෂන් චිත්‍රපට -
[ @animostsl ]

එහෙමත් නැත්නම් අපි හැමෝම කියන්නෙ ඇනිම් කියලනේ. මේ group එක මගින් ඔයාලට සෑහෙන ඇනිම් ප්‍රමාණයක් සුපිරිම කොලිටියෙන් දෙනවා සිංහලෙන්ම​.

Cross promotion : @animost_sl

Welcome !
No worries....
Download Telegram
Mirai 2018 - අනාගතෙන් ආපු මිරායි [ 1080P HD & Ultra HD ]
———————
කුන් කියන්නෙ පෙර පාසල් යන පොඩි ළමයෙක්. මෙයාලගෙ පවුලට අලුතින් කෙනෙක් දැන් එකතු වෙනවා. කුන් ඉන්නෙ ලොකු ආසාවකින්.ඉස්පිරිතාලෙ ඉඳල ගේනකම් මෙයා ඇඟිලි ගැන ගැන ඉන්නෙ. හැබැයි මුලදී තිබුණු ඒ සතුට ටික ටික නැතිවෙලා යන්න අරගන්නවා. ඒ මොකද කිව්වොත් මෙයා හිතාගෙන ඉන්නෙ අම්මයි තාත්තයි මීරායිට එහෙම නැත්තම් මෙයගෙ නංගිට විතරක් ආදරෙයි කියලා. එයාට තිබුණු ආදරේ දැන් නැහැ කියලා. එයා ගැන බලන්නෙවත් නැහැ කියලා. ඉතිං මෙයා ලොකු තරහකින් ඉන්නෙ මිරායි එක්ක. දවසක් මෙයා බැරිම තැන නංගිට ගහනවා. දැන් අම්මට මේ වැඩේ හින්දා තවත් තරහ යනවා. ඔන්න පස්සෙ මෙයා ගෙවත්තට යනකොට අමුතුම දෙයක් සිද්ධ වෙනවා.

ඒ වෙන කවුරුත් නෙමේ එයාගෙ නංගි මිරායි හරියට අනාගතයෙන් ඇවිත් ඉන්නවා වගේ. හැබැයි මේක කොහොමද වෙන්නෙ? එහෙම වෙන්න පුළුවන්ද? නැත්තම් මෙයාට මැවිලා පේන දෙයක්ද? එහෙම නැත්තම් මේක ඇත්තක් නම් මෙයා මොකටද එන්නෙ? ඒ හැමදෙයටම උත්තර ලැබෙයි අවසානය වෙනකම් නැරඹුවොත්. ඇත්තම කිව්වොත් ලස්සනම ඇනිමේ එකක්. මං මේ ලිපියේ නොකිව්වට ගැඹුරු තේරුමක් තියෙන චිත්රපටයක්. එහෙනම් බලන්නකො.
————-
Dubbing Quality : 87%
————-
AnimostLK
Your Name සහ Weathering with you අතර සම්බන්ධය
——-
Weathering with you නිකුත් වුනාට පස්සෙ හුගක අය මේ චිත්‍රපටි තුන ගැන කතා කරා... මොකද කියනවනම් Your Name එකේ හිටිය ප්‍රධාන චරිත දෙකක් ( Mitsuha , Taki ) Weathering with you එකේ චරිත දෙකකට සමාන වීම තමයි මේකට හේතුව .සුප්‍රසිද්ධ අධ්‍යක්ෂක Makoto Shinkai විසින් තහවුරු කර ඇත්තේ Mitsuha සහ Taki පසුව නිකුත් වූ Weathering With You චිත්‍රපටයේ ආරාධිත චරිතයක් නිරූපණය කළ බවයි.කොහොම වුනත්, රසිකයන් අවධානයට ලක් නොවූ දෙය නම්, ෂින්කායිගේ කලින් චිත්‍රපටය වන The Garden Of Words හිත් Your name හි චරිතවල ස්වරූපය දකින්න ලැබීමයි.මේ සම්මාන දිනූ සුපිරි චිත්‍රපට තුන සහ ඒවා අතර සම්බන්ධය මොකක්ද කියල බලමු...
————
@animostlk
This media is not supported in your browser
VIEW IN TELEGRAM
ඔයත් සිංහල චිත්‍රපට හරි සිංහල හඩකැවූ චිත්‍රපට හරි නරඹන කෙනෙක්ද ?😊

ඔයාට තාමත් හොද සිංහල චිත්‍රපට Group එකක් හොයාගන්න බැරි වුනාද ?

එහෙනම් එකතු වෙන්න " InFine Studios" අපිත් එක්ක .
1. සිංහල චිත්‍රපට
2. කාටූන් වගේම.....

3. ජාතික රූපවාහිනියේ, සිරස ටීවී, දෙරණ TV වගේ නාලිකාවල විකාශය වුන සිංහල හඩකැවූ කොරියානු කතා ආයෙත් බලන්න .
ඔයාටත් පුලුවන්.🤝
ඒ වගේම මේ සියල්ලක්ම ඔයාලට ලගාකරල දෙන්නෙ සුපැහැදිලි 1080 කොලිටියෙන්.

දැන්ම එකතුවෙන්න .
නවතම HD අත්දැකීම විදගන්න .

ස්තූතියි
InFIne Intimates
Laputa : Castle in the Sky [ සිංහල හඩකැවූ ] - 1080P
————-
Castle in the Sky, titled Laputa: Castle in the Sky for release in the United Kingdom, Ireland, Australia and New Zealand, is a 1986 Japanese animated fantasy adventure film written and directed by Hayao Miyazaki. The first film produced by Studio Ghibli, it was produced for Tokuma Shoten.

Release date: August 2, 1986 (Japan)
Director: Hayao Miyazaki
Featured song: Carrying You
Music composed by: Joe Hisaishi
Language: Japanese
Screenplay: Hayao Miyazaki, John Semper
—————
@animostlk
Bubble 2022 [ සිංහල හඩකැවූ ] Sinhala Dubbed - මරණයේ ක්‍රීඩාව
——————
මේ අද ගෙනාපු ෆිල්ම් එකේ නම bubble එහෙමත් නැත් බූබූලු. ෆීල්ම් එක රිලිස් වෙන්නේ netflix හරහා. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරන්නේ Testuro Araki. මේ මාසේ 13 වෙනිදා තමයි රිලිස් කරන්නේ. ෆිල්ම් එක ගැන කතා කලොත් හිටපු හැට්යෙම ටොකියෝ වලට බුබුලු වැස්සක් වහින්න පටන් ගන්නවා. ඒ එක්කම විශාල පිපිරිමකුත් වෙනවා. ගොඩක් දේපල හානි මෙන්ම ජිවිත හානිද සිද්ධ වෙනවා. ටොකියෝ මිනිස්සූන්ට තහනම් ප්‍රදේශයක් බවට පත්වෙනවා. ඒ එක්කම ගරා වැටූණූ නගරය තරූණ කොල්ලන්ගේ සෙල්ලම් පිටියක් බවට පත් වෙනවා. ඒක අමුතු භයානක සෙල්ලමක්. අපේ කතාවේ ප්‍රධාන චරිත දෙක තමා හිබිකි සහ ඌටා. මේ දෙන්නත් හම්බවෙන්නේ හැමෝටම තහනම් වුණ ටොකියෝ නගරෙදිමයි. ඒ ඒක්කම ගැබුරු ආදර කතාවක් මේ දෙන්නා අතරේ ගොඩ නැගෙනවා. ඒ ආදර කතාව බලන්න ඔයාලට ආරාධනා කරන ගමන් ගිහින් එන්නම් හැමෝටම ජය.
————
@animostlk
ඔයාලගෙ යාලුවොත් මේවගේ ඇනිම් සිංහලෙන් බලන්න කැමතිනම් එයාලවත් අපේ channel එක ගැන දැනුවත් කරන්න...😊
Link : https://t.me/animostlk
ලෝකෙ හොදම ජපන් ඇනිමේෂන් ස්ටූඩියෝ 07
———————
හලෝ හලෝ 😏 ඇනිම් බැලුවට කවදාවත් හිතුවද මේව හදන ස්ටූඩියෝස් මොනවද කියල...?🙄 ඒ අතර ලෝකෙ හොදම ඇනිම් ස්ටූඩියෝ 7ක් ගැන තමයි අද #ForYou ලිපියෙන් කතාකරන්නෙ...😉 පහල Read Article button එකෙන් ගිහින් සම්පූර්ණ ලිපිය කියවන්න 👇
————
@animostlk
Your Name - Kimi No Na Wa [ සිංහල හඩකැවූ ] - ජීවිත මාරුව
————-
මිට්සුහා සහ ටකි… මේ දෙන්නා එකිනෙකා හමුවෙලා නෑ, කතා බහ කරලා නෑ, කොටින්ම එකිනෙකා අඳුනන්නේ නෑ. ඒත් මේ දෙන්නටම එක සමාන අත්දැකීමක් විඳින්න ලැබෙනවා.

”සමහර වෙලාවට මම ඇහැරෙන්නේ ඇස් වල කදුලු පුරෝගෙන. ඇඩෙන්න තරම් නින්දෙදි මම දකින හීනේ මට කවදාවත් මතක් කරගන්න බැරි වුනා. ඒත් මට ඕනම කරන දෙයක්, නැත්නම් කෙනෙක් නැති වුනා කියන හැඟීම මට ඒ හැම වෙලාවෙම දැනුනා.”

මිට්සුහාගෙයි, ටකි ගෙයි දවස පටන් ගන්නේ මේ වගේ සිතුවිලි වලින්. ඇත්තටම ඒක හීනයක් විතරද? ඒක හීනයක් නම් දෙන්නෙක් එකම හීනේ දකින්නේ කොහොමද?

එකම හීනයක් නිසා හිතටත් හොරා අඬන මිට්සුහාගේ සහ ටාකි ගේ ආදර අන්දරය මිනිත්තු 106ක් පුරාවට අත් විඳින්න සූදානම් වෙන්න. සම්ප්‍රදායන් එක්ක හැල හැප්පෙන මිට්සුහාගේ ජීවිතයත්, ටෝකියෝවේ නිදහස් ජීවිතයට හුරු වූ ටාකි ගේ ජීවිතයත් එකම කාසියක දෙපැත්තක් බවට පත් කළ ආශ්චර්‍ය ය ම දිනක ඔවුන් එක් කරාවිද?
————
@animostlk
Thank you 500 Members - GIFT
————————-
👆 මේක බැලුවෙ නැත්නම් ඇනිම් බැලුව කියන්න එපා 😅
මතක් කරල අපිව follow කරන්න ❤️
The Girl Who Leapt Through Time [ සිංහල හඩකැවූ ] [ 2006 ]
—————-
කතාව ගැන කිව්වොත් ප්‍රධාන චරිතේ මකෝටෝ කොනෝ කියලා ගෑණු ළමයෙක්. මෙයා අනිත් අය වගේම හරිම විනෝදෙන් ජීවත් වෙන්නේ. බේස් බෝල් තමයි ආසම ක්‍රීඩාව. හැමතිස්සෙම කරදර වලට පැටලෙන එක මෙයාගේ පුරුද්දක්. මෙහෙම ඉන්නකොට මෙයා හදිස්සියේ අර වගේ ලෙස්සලා වැටෙනවා. මේ වැටෙන මොහොතේ එයාට තේරෙනවා එයාව වැටෙන්න ගොඩක් වෙලා යනවා කියලා. එයාට ඒක එච්චර ගානක් නෑ. එදා ස්කෝලේ ඇරිලා වෙනදා වගේම මකෝටෝ බයිසිකලෙන් ගෙදර යන්න පිටත් වෙනවා. මකෝටෝ යන්න ඕනේ ලොකු පල්ලමක් එක්ක තියෙන රේල් පාරක් පහු කරගෙන. එයා මෙතනදි බ්‍රේක් ගහන්න හැදුවත් එදා බ්‍රේක් වැඩ කරන්නේ නෑ.මේ වෙලාවෙම කෝච්චියක් එතනින් යනවා. අවාසනාවට මකෝටෝව ඒ කෝච්චියට හැප්පිලා මැරෙනවා. ඒත් මේ මොහොතේ තමයි මකෝටෝගේ ජීවිතේ කනපිට පෙරලෙන්නේ. ඉතුරු හරිය ඔයාලා ෆිල්ම් එක බලලම තේරුම් ගන්නකෝ. එහෙනම් මේ ෆිල්ම් එකත් රසවිඳියි කියලා මං හිතනවා.
————-
@animostlk
This media is not supported in your browser
VIEW IN TELEGRAM
හායි හායි හායි හායි...

Youtube එකට වෙලා phone එකේ data ඉවර කරන ගමන් ඉද්දි අලුත් දෙයක් හමුවුනා...
ශ්‍රී ලංකාව ගැන ඇනිම් හැදිලා තියෙනවද​?
ඔව් ඇත්තටම ඒක තත්පර 30ක ඇනිමක්... හදල තියෙන්නෙ ComiX Wave Studio එකෙන්... අපි මීට කලින් animost එකේ ComiX Wave එකේ මූවීස් කීපයක් දීල තියෙනවා... මේක එක අතකින් තත්පර 30 ක් වගේම අනිත් අතින් ad එකක්... ශ්‍රී ලංකාවෙ අලුතෙන් හදපු highway එක ගැන තමයි මේ පොඩි ඇනිම හදල තියෙන්නෙ...
Wolf Children - වෘක ළමයි
——————
සරසවියක ඉගෙන ගන්න හැනා, වෘකයෙක් සමඟ පෙමින් බැඳෙනවා. (හරිම අමුතුයිනේ?) ඊට පස්සේ මේ දෙන්නා විවාහ වෙලා, ඔවුන්ට දරුවන් දෙදෙනෙක් ලැබෙනවා. මේ දරුවෝ වෘකයෝද? නැත්නම් මිනිස්සුද? ඒක චිත්‍රපටිය බලලම දැනගන්නකො. ඊට පස්සේ මේ වෘකයා මිය යනවා. හරිම ශෝකජනක ආකාරයට තමා ඒක සිදු වෙන්නේ. ඊට පස්සේ හැනාට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න මොනවද? ඒවා ජය ගන්න ඇයට පුළුවන් වේවිද? දරුවන්ට මොකද වෙන්නේ? මේ ඔක්කොම බලා ගන්න මේ ලස්සන චිත්‍රපටිය බලන්න කියලා මම ආරාධනා කරනවා. කාටුන් චිත්‍රපටියක් වුණත්, ඉතාමත්ම තාත්වික කතාවක් තමා මේ සලරුවෙන් දිග හැරෙන්නේ. මම නැවත වාරයක් කියන්නේ මෙම චිත්‍රපටිය, සෑම දෙනාම නැරඹිය යුතු, ජීවිතයට යමක් ගත හැකි, හදවතින් විදින්න පුළුවන් අති විශිෂ්ට ගණයේ චිත්‍රපටියක් කියලා. තවත් එක් දෙයක් කියන්නම් “මේ ලෝකේ නොදන්නා සහ පුදුමාකාර දේවල් වලින් පිරුණු තැනක්”....
—————-
@animostlk